මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 28කටත් වැඩියි, නමුත් රඟපාලා තියෙන්නේ ටෙලිනාට්‍ය 40කටත් අඩුවෙන්-සේමිණි ඉද්දමල්ගොඩ
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියලා කියන්නේ. ඒ වගේම පහුගිය දා නිමාවට පත්වුණු සාම්ප්‍රදායික නාට්‍ය කරණයෙන් බැහැරවූ ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යය හරහා ඇය ප්‍රේක්ෂකයින් හමුවට අවා. ඉතින් එහි සුද්දිගේ චරිතයට උපරිම සාදාරණයක් ඉටු කරන ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර එක්ක මේ දිනවල ගොඩක් සතුටින් ඉන්නවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් මේ දිනවල රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්නෙ නැහැ කියලත් ඇය කියනවා. ඒ නිසා සාමාන්‍ය විදිහට කාලය ගත කරනවාලු. ඒ වගේම මෙම ටෙලි නාට්‍ය විකාශනය වීම ආරම්භ කිරීමෙන් අනතුරුව රූපවාහිනියෙන් ඈත් වී සිටි ප්‍රේක්ෂක පිරිස නැවතත් රූපවාහිනියට ළං වී තිබෙනවා කියලයි ඇය කියන්නේ. මොකද තවමත් උසස් රසවින්දනයට කැමති පිරිසක් ඉන්න නිසා. ඉතින් මේ සම්බන්ධයෙන් කමෙන්ට් ආවා වගේම මෙම නාට්‍යය ට්‍රෙන්ඩින් වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ලංකාව තුළ කාලෙකට පස්සේයි මෙවැනි විපර්යාසයක් සිදු වුණේ. ඒත් එක්කම සුද්දිටත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය මීට පෙර සංකීර්ණ චරිත කිහිපයක්ම නිරූපණය කරළා තියෙනවා. නමුත් මිනිසුන් අතරට ඒ චරිත ගියා අඩුයි කියලාලු ඇයට හිතෙන්නේ. ඒ වගේම ඒ කාලේ සමාජ මාධ්‍ය මේ තරම් සක්‍රීයව තිබුණේ නැහැ කියලත් ඇය කියනවා. කළුවර ගෙදර, ස්වයංජාත, කම්මිත්ත, නේත්‍රා මංගල්‍යය වැනි නිර්මාණ තුළ සංකීර්ණ චරිත ඇය නිරූපණය කරළා තියෙනවා. නමුත් එයා දැන් බැඳලා තරම් ඇයට දැනුණු චරිතයක් මීට පෙර ඇය නිරූපණය කරලා නැහැ කියලත් සේමිණි කියනවා.
ඒ වගේම යර්ස් බොස් ටෙලි නාට්‍යයට ඇයට ආරාධනා ලැබුණත් මිනිසුන් හිනස්සන්න තරම් හැකියාවක් ඇයට තියෙනවද කියල ඇය දැනන් හිටියෙත් නැහැලු. ඉතින් ප්‍රේක්ෂකයාට නොසරුප් වචන නොකියා හිනස්සන්න හරිම අමාරු වුනත් ඇයට ඒ කාර්යය යම්තාක් දුරකට සාර්ථකව කිරීමට හැකියාව ලැබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය කලාවට සම්බන්ධ වෙන්නේ විවාහ වීමෙන් අනතුරුවයි. ඉතින් යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් වැනි චිත්‍රපටිවල ප්‍රබල චරිත ඇයට ලැබුණත් සාපේක්ෂව රිදී තිරය සඳහා ඇයට ආරාධනා ලැබුණේ අඩුවෙන් කියලත් සේමිණි කියනවා. මොකද විවාහයෙන් පසුව ක්ෂේත්‍රයට පැමිණි නිසා ඇයට රිදී තිරයේ බොහෝ අවස්ථාවන් ගිලිහුණාලු.

කොහොම නමුත් හැමදාම, එක දිගට රූපවාහිනිය තුළ දකින විට රංගන ශිල්පීනගේ අගය අඩු වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇය ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයෙහි අවුරුදු 7කට පසුවයි. ඉතින් මෙම වසර හත තුළ ඇය චිත්‍රපටි හතරක් කළා පමණයිලු. ඒ වගේම ඇය කලා ක්ෂේත්‍රයට පිවිස වසර විස්සකට අධික වුනත් ඇය මේ කාලය තුළ රඟපෑ නාට්‍ය ගණන 40කටත් අඩුයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ විදිහට රංගන ක්ෂේත්‍රය තුළ උඩුගම් බලා පිහිනන්න හැමෝටම බැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.