Watapita

Just another WordPress site

මට ලැබුණු වටිනාම සම්මානය මගේ දුව, රංගනයෙන් ඉවත් වුනත් අම්මා කෙනෙක් වීම ගැන මට ගොඩක් සතුටුයි-සෙව්වන්දි නයනතාරා

තෝඩු, නාඩි වැනි ටෙලි නිර්මාණවලින් ප්‍රේක්ෂක හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සෙව්වන්දි නයනතාරා කියලා කියන්නේ. ඒ වගේම කලාව නිසා පෞද්ගලික ජීවිතය මඟ නොහැර ගත්ත ඇය විවාහ වෙලා මේ විද්දී සිඟිති දියණියක් මෙලොවට නොහො කරමින් සෙනෙහෙබර මවක් ද වෙලා අවසන්. ඉතින් මේ පුංචි පවුලට එකතු වුණ පුංචි දෝණි එක්ක දැන් ගෙවන ජීවිතේ ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් දැන් ඇයගේ බබාට මාස තුනක් වෙනවා. ඒ වගේම දැන් ඇයගේ සම්පූර්ණ කාලය දුව වෙනුවෙන් වෙන් කරලා තියෙනවා කියලයි සෙව්වන්දි කියන්නේ. ඒ නිසාම උදේ වෙනවා රෑ වෙනවා තේරෙන්නේ නෑ කියලත් ඇය කියනවා. කොහොම වුණත් දුව එක්ක හරිම සුන්දරව කාලය ගෙවනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම බබා ලැබෙන්න යද්දි ඇය ගොඩක් බයෙන්ලු හිටියේ. මොකද ඇය ඊට කලින් කවදාවත් හොස්පිට්ල් නැවතිලා ඉඳලා නැති නිසා. හැබැයි දුව දකිද්දි ඇයට තිබුණු හැම බයක්ම වේදනාවක්ම අමතක වෙලා ගියා කියලත් ඇය කියනවා. ඉතින් ඒ හැඟීම ගැන කියන්න වචන මදි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයටයි සැමියටයි දෙන්නටම දුව දකිද්දි ඇඬුණා කියලත් සෙව්වන්දි කියනවා.

ඒ වගේම බබා ලැබෙන්න ඉද්දි ඇයට ටිකක් අමාරු වුණාලු. ඒත් එක්කම මාස 9ම වමනේ ගියා කියලයි ඇය කියන්නේ. ඉතින් දරුවෙක් ලැබෙනවා කියන්නේ ලොකු දෙයක් නිසා ඒ වගකීම කොහොම දරයිද කියලා ඇයටවත් ලොකු අවබෝධයක් තිබ්බේ නෑ කියලත් ඇය කියනවා. නමුත් බබා ලැබුණාට පස්සේ මවක් කියන හැඟීම එක්ක ඕනෑම කෙනෙක් වෙනස් වෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් ඇයට කිසිම දෙයක් බෑ කියලා දැනෙන්නේ නැහැලු. මොකද දරුවා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා හැඟීමක් එන නිසා.

ඉතින් මේ පුංචි දියණියගේ නම තමයි සියෙනා ස්කයිලි. ඒ වගේම දැන් ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන් චූටි පැටියා වෙනුවෙන් තමයිලු කැප කරලා තියෙන්නේ. හැබැයි ඇයගේ සැමියා කියනවාලු ඇය ආසාවෙන් කරපු දේ එක පාර අත්හරින්න ඕනේ නෑ කියලා. ඒ නිසා ඉඳලා හිටලා හරි කැමැති නිර්මාණයක් තෝරගෙන කරන්න බබාව බලා ගන්නම් කියලත් සැමියා කියනවාලු. ඉතින් දුවට අවුරුද්දක්වත් වෙනකල් ඉන්න ඕනේ කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් දැන් රංගනයෙන් ඈත් වෙලා ඉන්න එක ගැන ලොකු දුකක් නෑ කියලත් ඇය කියනවා. මොකද ඇයට දැන් සම්මානයක් ලැබිලා තියෙන නිසා. ඉතින් ඇයට ලැබුණු වටිනාම සම්මානය ඇයගේ දුව කියලයි සෙව්වන්දි කියන්නේ. ඉතින් රංගන ජීවිතය කැප කරලා වුණත් දැන් ගෙවන ජීවිතය ගැන ඉන්නේ සතුටෙන් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *