මම ළඟදීම විවාහ වෙනවා, මගේ පෙම්වතාව කාටවත් පෙන්නන්න අකමැති ඇස්වහ වදින නිසා-ශලනි තාරකා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. ඒ වගේම පසුගියදා පැවැත්වුණ ස්ලිම් කාන්ටාර් ජනතා සම්මාන උළෙලේදි සම්මාන ත්‍රිත්වයකින්ම පිදුම් ලබන්න ඇයට හැකියාව ලැබුණා. ඒත් එක්කම ඇය ළඟදීම විවාහ දිවියටද පිවිසෙන්න සූදානමින් ඉන්නවා කියලත් ආරංචියක් තියනවා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මෙවර ස්ලිම් කාන්ටාර් ජනතා සම්මාන උළෙලේ වසරේ ජනතාවගේ නිළිය, වසරේ ටෙලි නාට්‍යය නිළිය සහ වසරේ තරුණ ජනතාවගේ නිළිය කියන සම්මාන තුනම ඇයට හිමිවුණා. කොහොම නමුත් ඇත්තටම සම්මාන තුනම හිමිවෙයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ කියලයි ශලනි නම් කියන්නේ. ඒ වගේම සමහරු කියලා තිබුණා සම්මාන උළෙලෙදි ඇය ඇඳලා තිබුණ ඇඳුම විවෘත වැඩී කියලා. ඉතින් ඇය ඇඳුම් අඳින්නෙ කාවවත් සතුටු කරන්න නෙමෙයි කියලත් ශලනි කියනවා. ඒ ඇඳුම නිසා ඇයව ලස්සනට පේනවා නම්, ඇඳගෙන ඉන්න සුවපහසුයි නම් එතැනින් එහා අනිත් අය කියන දේවල් ගණන් ගන්නෙ නැහැ කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ඇය ඇයගේ පෞද්ගලිකත්වය ඕනාවට වඩා එළිකරන්න කැමති නැහැ කියලත් ශලනි කියනවා. ඒ වගේම ඇයට මීට කලිනුත් ප්‍රේම සම්බන්ධතා තිබිලා තියනවාවුනත් ඇය කවදාවත් කාටවත් ඒවා ප්‍රදර්ශනය කළේ නැහැ කියලයි ඇය කියන්නේ.ඉතින් මේ මගේ පෙම්වතා කියලා හැමෝටම කියකිය ලෝකෙට පේන්න ෂෝ දාන්න වුවමනාවක් ඇයට නැහැකියලත් ශලනි කියනවා. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවය හැමෝටම එළිදරව් වුණාම ඇස්වහ වදිනවා කියලා ඇය හිතනවාලු. ඊට පස්සේ ඔවුන් දෙන්නට ඔවුන් දෙන්නාගෙ පේන්නෙ නැති අඩුපාඩු, නොගැළපීම් පිට අයට පේන්න ගන්නව වගේම මොනවහරි කියලා ප්‍රේම සම්බන්ධතාවය කඩන්න උත්සාහ කරනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න ඇයට ඕන නැති නිසා ඇය ඇයගේ පෞද්ගලිකත්වය වගේම ඇයගේ පෙම්වතාගේ පෞද්ගලිකත්වයත් ආරක්ෂා කරගෙන සම්බන්ධතාවය පවත්වගෙන යනවා කියලයි ශලනි කියන්නේ.

ඒ වගේම ළඟදීම විවාහ වෙනවා කියලා තාම දින නම් වෙන් කරගෙන නැති වුනත් ඉක්මනින්ම විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඇය කියනවා. ඒත් එක්කම විවාහ වුණාට පස්සෙ කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙනවා කියලා තවම තීරණයක් අරගෙන නැති වුනත් හැබැයි ඇය වැඩි කාලයක් ඇයගේ සැමියා වෙනුවෙන් සහ පවුල් ජීවිතය වෙනුවෙන් වෙන් කරන්න තීරණය කරලා තියනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.