විවාහයත් එක්ක මම කලාවෙන් සමු ගන්නවා, මම කැමති විවාහ ජීවිතේ සාර්ථකව ගත කරන්න-ශලනි තාරකා
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහාගේ චරිතයෙන් වගේම ස්වාධීන රූපවාහිනියේ විකාශය වන හීනයකි මේ ආදරේ ටෙලිනාට්‍යයේ පාරමීගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඇයගේ පටන් ගැන්ම ආරම්භ වෙන්නේ 2007 සිරස කුමරි කරගාවලියෙන් වුනාට රඟපානවා කියන දේ ඇයගේ තුන්හිතකවත් තිබුණු දෙයක් නෙවෙයි කියලයි ශලනි නම් කියන්නේ. ඒ වගේම නිළියක් වුණේ ඇයගේ ආසාවට නෙමෙයි කියලත් ඇය කියනවා. මොකද සිරසෙන් කරපු ආරාධනය අහක දාන්න බැරි නිසා තමයිලු ඇය පතිනි ටෙලි නාට්‍යයේ රඟපාන්න ගිහින් තියෙන්නේ.

ඉතින් එතකොට ඇයට අවුරුදු 17ක් නිසා උසස් පෙළ අස්සේ මාස 2 ක් විතර රඟපානකොට ඇයට එපා වුණා කියලයි ඇය කියන්නේ. හැබැයි එහෙම නතර කරලා ඉන්නකොට අවුරුද්දකට විතර පස්සේ ෂර්ලි පී දෙලංකාවල මහතා පුජාසනය ටෙලි නාට්‍යයට ඇයට ආරාධනා කරලා තියෙනවා. ඉතින් පූජාසනය එක්ක ඇය පූර්ණකාලීනව කලාවට එකතු වෙලා තියෙනවා. ඒ වගේම දැන් ඇය කලාවට ඇවිත් අවුරුදු 15 ක් වෙනවා. ඉතින් මේ ගතවුණු වසර 15 තුළ විවිධ චරිත රැසක් ඇයට කරන්න ලැබුන ඒක ඇයගේ වාසනාවක් කියලත් ශලනි කියනවා. කොහොම නමුත් ළඟම ඉන්න අයගෙන් පවා එන බාධක කැපිලි අදටත් එමටයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඒවා උපේක්ෂාවෙන් බලලා දරාගෙන එයාලාගේ ගල්වලින් ඇය ඇයගේ මාලිගාව හදාගෙන යනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ආදරය ගැන ඇයගේ ජීවිතේ එක එක කාලවලදී එක එක අත්දැකීම් ලබලා තියෙනවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ආදරය නිසා දුක් විඳලා තියෙනවා වගේම ආදරය නිසා සතුට විඳලා තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ආදරය කියන දේ ඇතුළේ පාඩම් ගොඩක් ඉගෙනගෙන තියෙනවා කියලයි ඇය කියන්නේ. හැබැයි ඇය කිසිම කෙනෙක් එක්ක තරහා නෑ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ දීර්ඝකාලීන ආදර කතාව නතර වෙලා දැන් අවුරුදු 08 ක් වෙනවාලු. හැබැයි අදටත් ඔවුන් හොඳම යාළුවෝ කියලයි ඇය කියන්නේ.

ඉතින් ආදරේ කියන්නේ පරිත්‍යාගයක් නිසා සිනහවෙන් ළඟට ගන්න දේවල් සිනහවෙන්ම අතහරින්න පුළුවන් මට්ටමට අපි හිත හදාගන්න ඕනෑ කියලත් ඇය කියනවා. ඒ වගේම ආදරේ ආදරයක් වෙන්නේ හරිම කෙනා ලැබුණදාට නිසා ඒ වගේ ආදරයක් ඇය දැන් විඳිනවා කියලයි ශලනි නම් කියන්නේ. කොහොම නමුත් ඇය මේ ක්ෂේත්‍රයට එද්දිම දාගෙන ආපු නීතියක් තමයිලු විවාහ වුණාට පස්සේ කලාවෙන් අයින් වෙනවා කියන එක. ඉතින් විවාහවෙලා ළමයි හදාගෙන පවුල් ජීවිතයක් ගත කරන්න, ඒ වගකීම ගන්න ඇය කැමතියි කියලත් ශලනි කියනවා. ඉතින් විවාහයත් එක්ක යම් දවසක සමුගන්න වුණොත් ඇයට සතුටින් සමුගන්න පුළුවන් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.