සමහරු කියනවා මම මහතයි, කැතයි, මෙලෝ රහක් නැහැ කියලා, හැබැයි මම චබී මොඩල් එකේ කෙනෙක්-ශලිනි ප්‍රනාන්දු
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලොක්කි ටෙලිනාට්‍යයේ සමාධිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඒ වගේම දෙවෙනි ඉනිමේ ලිහිණිගේ චරිතය හරහාත් ඇය පහුගිය දිනවල ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඉතින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න තාරුණ්‍යයේ රංගන ශිල්පිනියන් අතරින් වඩාත් නිහතමානී රංගන ශිල්පිනියක් ලෙස කවුරුත් හදුන්වන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය ෆීල්ඩ් එකට එද්දිත් ඇයගේ සමකාලීන අනෙක් ශිල්පිනියන්ට සාපේක්ෂව ඇය ටිකක් චබී නිසා මුලින්ම ගොඩාක් අය ඇයට එක එක ඒවා කිව්වා කියලයි ශලනි නම් කියන්නේ. ඇය මහතයි, කැතයි ඇඟේ හැඩයක් නැහැ, මෙලෝ රහක් නෑ වගේ අනං මනං කතා තමයිලු ගොඩක් අය කිව්වෙ. ඉතින් ඒ කවුරු කොහොම කිව්වත්, ඇයගේ ළඟම ඉන්න අය කවදාවත් ඇයව එහෙම අපහසුතාවයට පත් කරලා නැහැ කියලත් ශලනි කියනවා. ඉතින් ඇයට ආදරේ කරන පිරිස ඇයට කියන්නෙ ඔයා චබී වුණාට ලස්සනයි කියලාලු. ඒ නිසා මොන විදියට හරි ලැබෙන ප්‍රතිචාර ඇය සතුටින් බාර ගන්නවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයගේ අම්මලා නම් ඇය කෙට්ටු වෙනවට ස්ලිම් වෙනවට ආස නැහැලු. මොකද ගෑනු ළමයෙක් වුනාම ටිකක් මහතට පෙනුමට ඉන්න ඕනැ කියලලු ගෙදර අය කියන්නෙ. ඒ වගේම පොඩි කාලයේ ඉඳලම ඇයගේ පෙනුම ඒ විදිය කියලත් ඇය කියනවා. මොකද ඇය චබී මොඩල් එකේ කෙනෙක් නිසා. ඉතින් ඇය ඉපදෙනකොට කිලෝ 4ක් බර දරුවෙක්ලු. කොහොම නමුත් ඇය කෑම පාලනය කරන්නෙ නැහැ කියලත් කියනවා. ආසා දෙයක් කන්න ආසා හිතුණොත් කනවාලු.

ඒ වගේම සැබෑවට ඇයව දකින අය කියන්නේ අපි ටී.වී. එකේ දකිනවට වඩා ඔයා කෙට්ටුයි කියලලු. ඉතින් ඇය හිතන විදිහට ටී.වී. ස්ක්‍රීන් එකට ඇයව පේන්නෙ ඉන්නවට වඩා මහත පෙනුමට කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඉස්සරහට ඇයගේ මේ පෙනුම ප්‍රශ්නයක් වුණොත් ස්ක්‍රීන් එකට හරියන විදියට ඇග හදා ගන්නවා කියලත් ඇය කියනවා. ඒ වගේම කවුරුත් විශ්වාස කරන්නේ නැති වුනාට ඇය තවම පෙම්වතියක් නෙවෙයි කියලයි ශලනි නම් කියන්නේ. ඉතින් ඇයට කසාදයක් කරන්නම ඕනෑ නම්, ඇයව බන්ඳවන්න ඕනෑ නම් ඇයගේ අම්මට කියලා තියෙන්නෙ කැමති විදියට මංගල යෝජනාව දාන්න කියලා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.