මම ඇඳුම් ගන්නේ මම හම්බකරපු සල්ලි වලින්, ඉතින් ඇඟ පේන්න ඇන්දත් නැතත් ඒක මගේ වැඩක්-ෂෙහානි කහඳවල
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල කියලා කියන්නේ. කොහොම නමුත් ඇය ගැන පහුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වුණේ ඇය ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන දසුන් මදුශාන් සමඟ යුග දිවියට ගිහින් කියලා පළවුණු පුවතක් නිසයි. ඉතින් මේ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් පහුගිය දවසක ජනප්‍රිය සුපර් ස්ටාර් ගායක දසුන් මදුශාන්ගෙ ගීතයකට ඇය රංගනයෙන් දායක වුන නිසා ඒ මියුසික් වීඩියෝවෙ ඡායාරූපයක් දැකලා තමයිලු ගොඩක්දෙනා වැරැදියට හිතලා තිබුණෙ ඇය දසුන් එක්ක විවාහවෙලා කියලා. ඉතින් එහෙම විවාහ වෙන්න තියා ආදරය කරන්න පෙම්වතෙක්වත් තාම ඇයට නැහැ කියලයි ෂෙහානි නම් කියන්නේ. ඒ වගේම ගෑනු ළමයෙක් වුණාම ලස්සනට අඳින්න පලඳින්න ඕන කියලත් ඇය කියනවා. ඉතින් ඇයත් හිතුවාලු හැමදාම එකම විදිහට අඳින්නෙ නැතුව ඇයව ලස්සනට පේන විදිහෙ වෙනස් ෆැෂන් කරන්න ඕන කියලා.

ඒ වගේම ඉස්සර ඇය හිතුව දෙයක් තමයිලු ඇය ආස විලාසිතාවක් කළොත් අනිත් අය ඇය ගැන වැරැදි විදිහට හිතයි කියලා. නමුත් කාලයක් යද්දි ඇය තේරුම් ගත්තාලු අනිත් අය කියන දේවල් ඇහුවොත් කවදාවත් මුකුත් කරන්න වෙන්නෙ නැහැ කියලා. ඉතින් ස්වාධීන ගෑනු ළමයෙක් විදිහට ඇය ඇයගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගෙන දැන් ඇයට ඇඳුමක් අඳින්න ඕන කියලා හිතුණොත් ඇය ඒක අඳිනවා කියලයි ෂෙහානි කියන්නේ. ඉතින් ඒක ඇඟ වැහුණ ඇඳුමක්ද ඇඟ පේන ඇඳුමක්ද කියලා නැහැ කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය හම්බ කරගත්තු සල්ලිවලින් ඇය අඳින පලඳින විදිහ ගැන විවේචනය කරන්න කාටවත් අයිතියක් නැහැ වගේම ඒ කියන දේවල් ගණන් ගන්න ඕනත් නැහැ කියලලු දැන් ඇය හිතන්නෙ. ඒ වගේම ඇය ආදරය කරලා තියනවා වුනත් විවාහය දක්වා ඒ සම්බන්ධකම් දුර දිග ගියේ නැහැ කියලත් ඇය කියනවා. කොහොම නමුත් මේ වෙද්දි නම් ඇයට ආදරයක් හෝ විවාහයක් ගැන අදහසක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.