Watapita

Just another WordPress site

අපි විවාහ වෙලා අවුරුදු 10ක් වෙනවා, හැමෝම අපි වෙන් වෙනකන් බලාගෙන හිටියට ඒක කවදාවත් වෙන්නෑ-ෂෙරිල් ඩෙකර්

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ෂෙරිල් ඩෙකර් කියලා කියන්නේ. කොහොම නමුත් අදටත් ඇයව බොහෝ දෙනෙක් දන්නේ අමා කියලා කිවුවාමයි. මොකද ඇය මුලින්ම රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන්නේ අමා ටෙලිනාට්‍ය හරහායි. ඉතින් අපේ කළා ක්ෂේත්‍රය තුලම ඉන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන රුවන් හෙට්ටිආරච්චි සමඟ විවාහ වෙලා ඉන්න ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දිනවල ඇය සුපුරුදු විධියට සතුටින් කාලය ගත කරනවා කියලයි ෂෙරිල් නම් කියන්නේ. ඒ වගේම ආයුර්වේදය පිළිබඳ ඉගෙන ගනිමින් ඉන්න නිසා තරමක් කාර්යබහුලයි කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇයට තවමත් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවාලු. නමුත් ව්‍යාපාර කටයුතුවලට කාලය යොදවලා තිබෙන නිසා රංගනය පැත්තෙන් එතරම් වැඩ භාරගන්නේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය දැන් හර්බල් බියුටි ප්‍රඩක්ට් නිෂ්පාදන සිදුකරනවා. ඊට අමතරව සැලෝන් එකේ වැඩ කටයුතු සිදුකරගෙන යනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම පසුගිය දිනක දුම්රියේ දමා ගිය දරුවාව ඇය භාර ගැනීමට යන බව සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහකට ලක්වුණා. කොහොම නමුත් ඇය එහෙම දෙයක් දන්නෙවත් නැහැ කියලයි ෂෙරිල් නම් කියන්නේ. ඉතින් ගොඩක් අය ඇයට කතා කරලා ඇහුවාලු ළමයෙක් අරන් හදාගන්න යනවද කියලා. ඉතින් ඒ වෙලාවේ ඇය කිව්වාලු එහෙම දෙයක් නැහැ ඇයි එහෙම අහන්නේ කියලා. කොහොම නමුත් අනිත් මිනිස්සුන්ගේ නම විකුණගෙන කන මිනිස්සු ඉන්න නිසා ඒ අය වෙනුවෙන් ඇය අනිවාර්යයෙන් නීතිමය පියවර ගන්නවා කියලයි ඇය කියන්නේ. මොකද ඒ පොඩි ළමයවත් විකුණගෙන කන හිතක් පපුවක් නැති මිනිස්සු ඉන්න නිසා. ඉතින් එහෙම බලද්දී ලංකාවේ මිනිස්සු ගැන හරිම ලැජ්ජයි කියලත් ඇය කියනවා.

ඒ වගේම රංගනය කියන්නේ ඇයට දෙවියො දීපු තෑග්ගක් කියලයි ඇය කියන්නේ. නමුත් ඇය විශ්වාස කරනවාලු ඇයට මිනිස්සුන්ගේ කැපිලි කෙටිලි වැඩියි කියලා. හැබැයි අද ඇය දියුණු වෙලා යම් තැනක ඉන්නවා. ඉතින් කැපිලි කෙටිලි ආශීර්වාදයක් කරගෙන වැටෙන්නෙ නැතුව ඇය ඉස්සරහටම යනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ආදරේ ඇත්තටම ලස්සන දෙයක් කියලයි ෂෙරිල් කියන්නේ. ඉතින් ඇය සතුටින් ආදරය විඳින කෙනෙක් කියලත් ඇය කියනවා. ආදරය නිසා ඇය හරිම විනෝදයෙන් ඉන්නවාලු. මොකද ඇයයි ඇයගේ සැමියායි ගොඩක් ආදරෙන් ඉන්න දෙන්නෙක් නිසා. නමුත් මිනිස්සු බලාගෙන ඉන්නේ ඔවුන් දෙන්නා වෙන් වෙනකන් කියලයි ඇය කියන්නේ. හැබැයි ඒක නම් කවදාවත් වෙන්නෙ නැහැ කියලත් ෂෙරිල් කියනවා. ඉතින් දැන් ඔවුන් විවාහ වෙලා අවුරුදු 10ක් වෙන නිසා එදා ඉඳලා අද වන තුරු හරිම සතුටින් ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *