Watapita

Just another WordPress site

කකුල අවුල් වුන නිසා මට ආයෙත් කවදාවත් නටන්න බැරි වෙයිද කියලත් හිතුණා, දුව තමයි මගේ ජීවිතේම-ශිරෝෂි රොමේෂිකා

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම සුරූපී නර්ථන ශිල්පිනියක් තමයි ශිරෝෂි රොමේෂිකා කියලා කියන්නේ. කොහොම නමුත් ඇය ගැන පහුගිය කාලයේ අතිශයින් කතා බහ ලක්වුණේ ඇයට මුහුණ දෙන්න සිදුවුණු හදිසි අනතුරක් නිසයි. ඉතින් දැන් ඇයගේ අසනීප තත්වය ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහකට එකතු කරගෙන තිබුණා.

ඉතින් දැන්නම් ඇයට හිටියට වඩා ගොඩක් සනීපයි කියලයි ශිරෝෂි කියන්නේ. හැබැයි තවත් ටිකක් විවේක ගන්න ඕනේ කියලලු වෛද්‍යවරුන් කියන්නේ. ඒ නිසාම මහන්සිවෙලා තවම වැඩ කරන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇය යාළුවොත් එක්ක ට්‍රිප් එකක් ගියා වෙලාවක තමයි ඇයට මේ අනතුරට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙන්නේ. එදා ඇය තවත් යාළුවෙක් එක්ක Jet Ski එකක් පැදලා අවසන් කරද්දී තමයි තවත් jet Ski එකක් ඇවිත් ඇයගේ එකේ හැප්පිලා තියෙන්නේ. ඉතින් එදා ඇයව වතුරට වැටුණාම ඇයට ඇයගේ දෝණිව මතක් වුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම එදා ඇයත් එක්ක දුවත් ඒ ගමන ගියාට හොඳ වෙලාවට දූව ඒ Jet Ski එකේ ගියේ නැහැ කියලත් ශිරෝෂි කියනවා. ඉතින් දුව මතක් වුණාට පස්සේ ඇයට ඇයගේ කකුල ලොකු අවුලක් වෙලා තියෙනවා කියලා දැනුණාලු. ඒ නිසා ඇයට ආපසු නටන්න බැරිවෙයිදෝ කියලත් ඇයට හිතුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම වතුරෙන් උඩට ආවට පස්සේ ‘මට අමාරුයි’ කියලා ඇය කෑගැහුවා වගේම ඇස් බොඳවුණා කියලත් ඇය කියනවා. ඉතින් පහුවදා උදේ වනතුරු ඇයගේ සැත්කම කරනතුරුම ඇය අමාරුවෙන්ලු හිටියේ.

ඒ වගේම ඇයගේ දුව තමයිලු ඇයගේ හොඳම ප්‍රේක්ෂිකාව. ඉතින් ඇය ඇඳුමක් අඳිද්දී වුණත් ඒකේ අඩුපාඩු කියන්නේ දුව කියලයි ඇය කියන්නේ. ඒ වගේම දුව ලස්සනට අඳින්න හරි ආසයි වගේම ‍මේක්අප්වලටත් ගොඩක් ආසයිලු. ඉතින් දැන් ඇයගේ මුළු ලෝකයම දුව කියලත් ශිරෝෂි කියනවා. ඒ වගේම ඇය අවුරුදු පහේදී තමයිලු උඩරට නර්තනය හදාරන්න පටන් ගත්තේ. මොකද ඇය නර්තනයට ගොඩක් ආස නිසා. කොහොම නමුත් ඒ හා සමානව රංගනයටත් කැමැතියි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *