Watapita

Just another WordPress site

මගේ පෙනුමයි, රැවුලයි, කොන්ඩෙයි නිසා හැමෝම හිතන්නේ මම නපුරු දාමරික චරිතයක් කියලා-සුදර්ශන බණ්ඩාර

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නාට්‍යයේ මිගාර ඇමැතිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සුදර්ශන බණ්ඩාර කියලා කියන්නේ. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහු මේ දිනවල මිගාර නමැති දේශපාලනඥයකුගේ චරිතයක් රඟපාන අතරේ, දෙරණේ ශක්ති නාට්‍යයේ කලා අධ්‍යක්ෂණය කරගෙන යනවා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහු නාට්‍ය හා රංග කලා අංශයේ ගුරුවරයකු ලෙස ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වසර විස්සකට ආසන්න කාලයක් දක්වා වැඩ කරමින් ඉන්නවා කියලත් ඔහු කියනවා. කොහොම නමුත් අධ්‍යාපන වැඩ එක්ක සහ කලා ක්ෂේත්‍රයේ වැඩ එක්ක ඔහුට තවමත් විවාහයක් ගැන හිතන්න වෙලාවක් නැහැලු. ඉතින් අධ්‍යාපන කටයුතු ටික ඉවර කර ගත්තොත් හොඳයි කියලා තමයිලු ඔහුට හිතෙන්නේ. මොකද උදේ පාන්දර ගෙදරින් ගියාම රාත්‍රී දහය, එකොළහට ආපහු ගෙදර එන චක්‍රයක් වගේ ජිවිතයක්ලු ඔහු මේ දවස් වල ගත කරන්නේ.

ඒ වගේම ඔහුට හිතෙන විදියට ඔහු බොහොම මානව හිතවාදී කෙනෙක් කියලත් සුදර්ශන කියනවා. ඉතින් ඔහු කවුරුහරි ඔහුට බැන්නත් කරබාගෙන ඉන්න කෙනෙක්ලු. ඒ නිසාම ඒ බනින කෙනාගෙ වුණත් හිත රිදවන්න ඔහු අකමැතියි කියලයි සුදර්ශන කියන්නේ. කොහොම නමුත් ඔහුගේ පෙනුමයි, රැවුලයි, බැල්මයි එක්ක ඔහු හරි නපූරු දාමරික චරිතයක් වගේ කියලා ගොඩක් අය ඔහුට කියනවාලු.

ඒ වගේම මේ මෑතකදී ඔහු හයිවේ පිටවුමකදි ගාස්තු ගෙවන්න නැවැත්තුවාම එතැනදී එතැන ඩියුටි හිටපු පොලිස් නිලධාරියෙක්, ආ ඇමැතිතුමා කියලා කිව්වාලු. ඉතින් ඊට පස්සේ එයාගෙ පිටුපස සිටි අනෙක් පොලිස් නිලධාර්න් හතර පස් දෙනා එක පාරටම ඔහුට සැලියුට් කරන්න පටන් ගත්තා කියලත් ඔහු කියනවා. මොකද එයාලා හිතුවේ ඔහු ඇත්තටම ඇමැතිවරයෙක් කියලයි සුදර්ශන කියන්නේ. ඊට පස්සෙ ඔහු මූණ පෙන්නලා එයාලට කිව්වලු ඔය තරමට ඔයාලා ඇමැතිලාට යටහත් පහත් වෙන්න යන්න එපා කියලා. ඉතින් සමස්තයක් හැටියට ගත්තොත් මග තොටේදී හමුවන ප්‍රතිචාරවලට වඩා සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන ප්‍රතිචාර ගොඩක් වෙනස් කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *