Watapita

Just another WordPress site

මාව නිලියක් කරන්න ලොකුම කැපකිරීම කාලේ මගේ අම්මා, අද මම ටෙලි නිර්මාණ 4කම අම්මාගේ චරිතය රඟපානවා-සුදර්ශි ගැලනිගම

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ජානු, ඉස්කෝලේ, සැලෙන නුවන් සහ Key කියන ටෙලිනාට්‍ය හතරේම අම්මාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සුදර්ශි ගැලනිගම කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දිනවල ඇය රංගනයෙන් සම්බන්ධ වෙන ටෙලි නිර්මාණ 4කම ‘අම්මා’ චරිතය නිරුපණය කලත් අම්මා කියන භූමිකාව ඇතුළෙ විවිධාකාර සමාජ නිරූපණයන් කරන්න ලැබිලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ අතර ආදරණීය අම්මා, සැර පරුෂ අම්මා, කලු, සුදු දෙකෙන්ම රංගනයේ යෙදෙන්න ලැබිලා තියෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය රංගනයට එන්න අදහසක් තිබුණ කෙනෙක් නෙමෙයි කියලයි ඇය කියන්නේ. ඉතින් නර්ථන ශිල්පිනියක්, නර්ථන ගුරුවරියක් වෙන්න තමයිලු ඇයගේ අදහස තිබුණේ. කොහොම නමුත් ඇය පාසල් යන කාලේ 1980 ගණන්වල සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න කිට්ටු කරලා තියෙද්දී ආරාධනයක් ලැබුණාලු සුසිල් මෙන්ඩිස් මහත්තයාගේ ‘රණ මොණරු’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ තුළ ප්‍රධාන චරිතයකට තමයි ඇය රංගනයෙන් දායක වෙන්නේ. ඉතින් ඒ අවස්ථාව ලැබීමත් එක්ක මට වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙන්න ලැබුණා කියලත් ඇය කියනවා.

ඒත් එක්කම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වීමත් එක්ක නර්ථන සිහිනය බොඳ වුණා කියලයි ඇය කියන්නේ. නමුත් වේදිකා නාට්‍ය එක්ක දිගටම එකතු වෙලා හිටිය නිසා එදා මෙදා තුර අද දක්වා වේදිකා නාට්‍ය 100කට ආසන්න සංඛ්‍යාවකට ඇය සම්බන්ධ වෙලා තියෙනවාලු. ඒ වගේම 1991 අවුරුද්දේ තමයි ඇයට ටෙලි නිර්මාණ රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ බර්මින් ලයිලි මහත්මයාගේ ‘මල් කැකුළක්’ නිර්මාණයට.

කොහොම නමුත් අද රංගන ශිල්පිනියක් වීම ගැන ඇයට ගොඩක් සතුටුයි කියලත් ඇය කියනවා. මොකද ඇය ගොඩක් දුක් විඳලා තමයි මේ තැනට ඇවිත් තියෙන්නේ. ඒ වගේම ඇයට සමහර වෙලාවට බස් එකේ යන්නවත් සල්ලි නොතිබුණු අවස්ථා තිබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් මේ හැම දේටම ඇයට ලොකුම ශක්තියක් වෙලා ඇයගේ ළඟින්ම ඉඳලා තියෙන්නේ ඇයගේ අම්මා. ඉතින් ඇයගේ අම්මා විශාල කැපකිරීමක් කළාලු ඇයව කලා ක්ෂේත්‍රයේ ඉදිරියට ගේන්න. ඉතින් ඒ කැපකිරීම්වල ප්‍රතිඵලය අම්මා ඇයගේ දෑසින්ම දැක්කා කියලත් ඇය කියනවා. ඉතින් ඇය කලා ක්ෂේත්‍රය තුළ සම්මාන, සහතික පත්‍ර ලබා ගනිද්දී ඇයගේ රංගනයන් වෙනුවෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබද්දී, කොහේ ගියත් ප්‍රේක්ෂකයො ඇයව දැන හඳුනාගෙන ඇයගේ ළඟට ඇවිල්ලා කතා බහ කරද්දි, ඇයට ආශිර්වාද කරද්දී ඒ හැමදේම තුළින් ඇයටත් වඩා සතුටු වුණේ ඇයගේ අම්මා කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ඇයගේ මාව මෙලොවින් සමුගෙන ගිහින් දැන් මාස 6ක් වගේ වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ ජීවිතේ ඇය මාරම විදියට කඩා වැටුණු තැනක් තමයිලු මාවගේ වෙන්වීම. ඒ වගේම අම්මාගේ ශක්තිය වගේම ඇයට ලොකුම ශක්තියක් වුණේ ඇයගේ ස්වාමිපුරුෂයා සහ එකම පුතා කියලයි ඇය කියන්නේ. ඉතින් පුතාට දැන් අවුරුදු 30ක් වෙනවාලු. ඒ වගේම ඔහු මේ වෙද්දි විදෙස්ගතවෙලා තමයි ඉන්නේ. ඒ වගේම ඇයගේ ස්වාමියා පොලිස් නිලධාරියෙක්. ඉතින් අදටත් පුතාගෙනුත් සැමියාගෙනුත් ඇයට උපරිම සහයෝගයක් ලැබෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *