මට හැමදේම ලැබුනේ මගේ කැරලි කොණ්ඩය නිසා, නමුත් ආදරයේදී මට හුගක් දේවල් දරාගන්න සිදුවුණා-සුධීක්ෂා සමාධි
පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සුධීක්ෂා සමාධි කියලා කියන්නේ. ඒ වගේම උපතින්ම හිමි කැරලි ගැසුණු කොණ්ඩය නිසාම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය ක්ෂේත්‍රයට ආවේ 2014 වසරෙදි. ඒ වගේම ටිකෙන් ටික කලාව ගැන ඉගෙන ගනිමින් මේ ගමන ආව නිසා මුලදි ඇයට ලැබෙන චරිත වල දිග පළල සොයන්න ගියේ නැහැ කියලයි ඇයනම් කියන්නේ. ඒ වගේම ඇය ඇයට ලැබෙන පොඩි චරිතයක් වුනත් උපරිම කැපවීමෙන් කරන්න උත්සාහ කළා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඇය කවදාවත් ප්‍රධාන චරිත බලාගෙන රඟපාන්න ආවේ නැහැ කියලයි සුධීක්ෂා කියන්නේ. ඒ වගේම ඇය දැනට ටෙලි නාට්‍ය දහනවයක පමණ රඟපාලා තිබුනත් ඇයට ගොඩාක්ම ලැබිලා තියෙන්නේ ඉතාමත් පොඩි චරිත කියලයි ඇය කියන්නේ. ඒ වගේම සිරසේ විකාශය වූ පැහැසරා, ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ බ්‍රෝ සහ හේලි ටෙලි නාට්‍ය හරහා තමයි ප්‍රෙක්ෂකයෝ ඇයව අඳුනගත්තේ. ඒ වගේම ඇයගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ අය නැහැ කියලත් ඇය කියනවා. ඉතින් මේක ඇයගේ මවුපියන්ගේ සහයෝගයත් එක්ක සෙමින් ආපු ගමනක් නිසා අද වෙනකොට රංගනය පැත්තෙන් ඇය ඉන්න තැන ගැන සතුටු වෙන්න පුළුවන් කියලත් ඇය කියනවා.

ඒ වගේම ආදරය කියන්නේ ඇය කතා කරන්න අකමැතිම මාතෘකාවක් කියලයි සුධීක්ෂා කියන්නේ. ඒත් එක්කම ඇය ඉක්මනින්ම තරහ යන, ඉක්මනින්ම නිවෙන, ඉක්මනින්ම දුක හිතෙන චරිතයක් කියලත් ඇය කියනවා. කොහෝම නමුත් චරිත ඇතුළෙ ඇය කොච්චර ආදරය ගැන කතා කළත් ඇත්ත ජීවිතේ ආදරය කියන වචනයටත් ඇය බයයි කියලයි සුධීක්ෂා කියන්නේ. මොකද ආදරේ නිසා ඇය මහා හීන ගොඩක් ගොඩ ගහලා, බලාපොරෙන්තු තියාගෙන ඉඳලා තියෙනවාලු. ඉතින් එහෙම හිත ආදරේ නිසා රැවටිලා තියෙන නිසාම දැන් හිත ගලක් කරගෙන ඉන්නවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය මතුපිටින් දකිනවාට වඩා පෞද්ගලික ජීවිතේ ගොඩක් දේවල් දරාගත් කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයට මවුපියන්ගෙන්, ප්‍රේක්ෂකයින්ගේ ලොකු ආදරයක් ලැබෙන නිසා ඒ ආදරය ඇයට මහමෙරක් තරම් වටිනවා කියලත් ඇය කියනවා. ඒක තමයිලු ඇයට දෙවියන් දීපු එකම සැනසීම. ඒ වගේම නිර්මාණවලට ආරාධනා ලැබෙන්න ඇයගේ කර්ලි කොණ්ඩෙත් හුඟක් බලපෑවා කියලත් ඇය කියනවා. ඉතින් ප්‍රෙක්ෂකයන් වගේම නිර්මාණකරුවන් පවා ඇයගේ කොණ්ඩෙට ආදරේ කරපු තැන් තිබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම හුඟක්දෙනා තවමත් හිතන්නෙම ඇය ජනප්‍රිය වුණේ කොණ්ඩෙ නිසා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.