සිංදු කියන එක තරම් රඟපාන එක ලේසි නැහැ, මගේ පළමු දර්ශනය විසි පාරකට වඩා රූගත කරා-සුදිනි සින්දවී
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන අක්ෂි ටෙලි නාට්‍යයේ මිහිරිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම නවක සුරූපී රංගන ශිල්පිනියක් තමයි සුදිනි සින්දවී කියලා කියන්නේ. ඒ වගේම ඇය ගායිකාවක් විදිහට මාත්‍රා, ශනිදා සාදය, රෑ පැදුර කවි දහයට ගී දහයක් වැනි සංගීත වැඩසටහන්වලටද සහභාගි වෙනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඇය මේ වනවිට කළා කටයුතු වලට අමතරව කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ සංගීත විද්‍යා අධ්‍යයනාංශයේ තෙවන වසරේ සිසුවියක් විදිහට අධ්‍යාපනය හදාරනවා. ඒ වගේම ඇය 2018 වසරේ සංගීත විශාරදවරියක් වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් මේ වෙනකොට ගායිකාවක් ලෙසත් වැඩ කටයුතුවලට දායක වෙනවාට අමතරව ඇය නිරූපන පිළිබඳවත් හදාරමින් නිවේදන ක්ෂේත්‍රයෙත් වැඩ කරමින් යනවා. ඒත් එක්කම ඇය සහන් රංවල පදනමේ කනිෂ්ඨ සාමාජිකාවක් ලෙසටත් කටයුතු කරමින් ඉන්නවා.

ඒ වගේම රංගනයට ලැබුණු අවස්ථාව ඇය හිතුවෙවත් නැති මොහොතක ඇයට අහම්බෙන් ලැබුණු අවස්ථාවක් කියලයි ඇය නම් කියන්නේ. ඉතින් අක්ෂි කියන්නේ ඇයගේ මුල්ම රංගන දායකත්වය දෙන ටෙලි නාට්‍යය. හැබැයි පුංචි කාලේ ඉඳලා ඇයට එහෙම රඟපාන්න ආසාවක් කවදාවත් දැනිලා නැහැ කියලත් ඇය කියනවා. මොකද ඇයගේ එකම බලාපොරොත්තුව වුනේ සංගීතය පැත්තෙන් ඉස්සරහට යන එකලු. ඉතින් ඒ යන අතරමඟ අහම්බෙන් ලැබුණු දෙයක් තමයිලු රංගනය කියන්නේ.

ඒ වගේම ඇය පාසල් කාලෙදිවත් වේදිකා නාට්‍යයක රඟපාපු කෙනෙක් නෙමෙයි කියලයි සුදිනි නම් කියන්නේ. ඉතින් අක්ෂි රඟපාන්න එනකොට ඇත්තටම රංගනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැති නිසා රංගනය ගැන පොඩි හරි දැනුමක් පුහුණුවක් මෑත කාලීනව ඇයට ලැබුණේ රංවල පදනමේ ඇයට ලැබුණ විෂය දැනුමත් එක්ක කියලයි ඇය කියන්නේ. ඒ වගේම රූගත කිරීම්වලට ගිය පළමුවෙනි දවසේ ඇයට තිබුණේ ටෙලි නාට්‍යය ඇයගේ පියා මානප්පෙරුමත් එක්ක පඩිපෙළක් බැහැගෙන ඇවිත් කියන දෙබස් ටිකක්ලු. ඉතින් ඒ දර්ශනය කරන්න විසිවතාවකට වඩා පඩිපෙළ නැගලා බහින්න වුණා කියලත් ඇය කියනවා. මොකද කැමරා ඔන් කියන කොටම ඇයට දෙබස් අමතක වෙනවාලු.

ඉතින් වැඩසටහනකට ගිහිල්ලා සින්දු කියනවා වගේ නෙවෙයි රඟපානවා කියන්නේ හිතනවට වඩා අමාරු දෙයක් කියලා නම් ඇයට පළවෙනි දවසෙම දැණුනා කියලයි සුදිනි නම් කියන්නේ. ඒ වගේම ඇය අසාධාරණයට විරුද්ධ හරි ඉක්මනට කේන්ති යන චරිතයක් කියලත් ඇය කියනවා. හැබැයි ආදරය කරුණාව ඇතුළේ හිත දුර්වල වෙලා තියෙනවා වුනත් ඇය ශක්තිමත් චරිතයක් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයගේ දැන් ලොකුම බලාපොරොත්තුව සංගීතය පැත්තෙන් ඉදිරියට යන එක කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.