Watapita

Just another WordPress site

මම ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ රැකියාව කරන ගමන් තමයි රඟපාන්නේ, මේ වෙද්දී මට සම්මාන 11ක් ලැබිලා තියෙනවා-සුලෝචනා වීරසිංහ

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ගඟන පියවර, දිවිතුරා, කොඩිගහ යට කියන නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය රංගන ශිල්පිනියක් තමයි සුලෝචනා වීරසිංහ කියලා කියන්නේ. ඒ වගේම පසුගියදා පැවැති 2022 රයිගම් සහ සුමති සම්මාන උළෙලවලදී හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුවේ ඇයයි. ඒ රොෂාන් රවීන්ද්‍රගේ ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යයේ සමන්ති හෙවත්, ලොක්කිගේ චරිතය වෙනුවෙන්.

ඒත් එක්කම ඇය මේ දිනවල ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘කුංචනාද’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් හරහායි. ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණය කළ ‘කුංචනාද’ විකාශය පටන් ගත්තෙ මේ මාසේ 20 වැනිදා ඉඳලා. ඉතින් ඒකෙ ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව හිමිවෙලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ වෙද්දී ඇය චිත්‍රපට ඇතුළු සියලු නිර්මාණ ගත්තොත් සම්මාන 11ක් හිමිකරගෙන තියනවා කියලත් ඇය කියනවා

ඒ වගේම ඇය රැකියාව කරන්නෙ රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ. ඉතින් ඒ රාජකාරියේදී ඇයට නිවාඩු ගන්න පුළුවන් කාලයක් තියෙන නිසා වසරකට ගත හැකි නිවාඩු කාලය සහ සති අන්තයේ නිවාඩු එක්ක කලා කටයුතුවල යෙදෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ගෙදර ජීවිතේ ගත්තොත් ඇයගේ දුවට දැන් අවුරුදු 7ක් වෙනවා කියලත් සුලෝචනා කියනවා. ඉතින් ඇයගෙ වැඩත් කරගෙන ගෙදර දොර වැඩත් කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයගේ මෙතෙක් ජීවිතය දිහා නැවත හැරී බලද්දි ඇයට තියෙන්න ඇය ගැන ලොකු සතුටක් කියලත් සුලෝචනා කියනවා. ඉතින් ඇයගේ ගමන් මග ගැන, ජීවත් වීම තුළ ඇය ජීවිතයට ලබාගත් අත්දැකීම්, පාසල් අධ්‍යාපනය, සරසවි අධ්‍යාපනය, ඇයගේ පවුල ඇතුළේ, යාළුවෝ, රංගන ජීවිතය ඇතුළේ සහ ඇය රැකියාව කරන ආයතනය යන ඒ සියල්ල වෙතින් අත්දැකීම් ලබා තිබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ අතර දුර්වල වූ තැන්, ශක්තිමත් වූ තැන් සියල්ල තිබුණා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් මේ දිනවල ඇයට විවේකය නම් ටිකක් අඩුයිලු. මොකද ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය ඩිප්ලෝමාව පටන් ගත්ත නිසා. ඉතින් ඒකටත් සූදානම් වෙන ගමන් වේදිකාවේ නාට්‍යවලදී සති අන්තය ඒවාට යන නිසා විවේකයක් ලැබුණාම චිත්‍රපට, නාට්‍ය නැරැඹීමට කාලය යොමු කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *