Watapita

Just another WordPress site

ගායකයෙන් වෙන්න හීනයක් තිබුනට කවදාවත් නළුවෙක් වෙන්න හිතුවේ නැහැ, මම දැන් ටෙලිනාට්‍ය 37ක රඟපාලා තියෙනවා- සූර්යා දයාරුවන්

පුංචි තිරය, රිදී තිරය මෙන්ම වේදිකාව හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක් තමයි සූර්යා දයාරුවන් කියලා කියන්නේ. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපය දැකගන්න ලැබුණා. ඉතින් ඔහු මුලින්ම සම්බන්ධ වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ ‘සමනළ සංධ්වනිය’ චිත්‍රපටයටයි. ඒ වගේම ඒක ඔහුට ලොකු සප්‍රයිස් එකක් වුණා කියලත් සූර්යා කියනවා. කොහොම නමුත් කවදාවත් ඔහු රංගන ශිල්පියෙක් වෙන්න හිතුවෙ නැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහුට ගායකයෙක් වෙන හීනයක් තිබුණා වුනත් ඒ නිසා ඒ ගායකයා මේ වගේ පුළුල් තිරයකින් දකින්න ලැබේවි කියලා කවදාවත් හිතුවෙ නැහැ කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහු පාසලේදිවත් කිසිම අවස්ථාවක රංගනයෙන් සම්බන්ධ වුණු කෙනෙක් නෙමෙයි නිසා ඉතින් එදා මංගල දර්ශනයෙදි ඔහුට ඔහුව පුළුල් තිරයෙන් දකිනකොට ‘මේ ඉන්නෙ මමද?’ කියලා ඔහුටම පුදුම හිතුණාලු. ඒත් එක්කම ඔහු පුංචි කාලෙ ඉඳන් ජාතික රූපවාහිනියේ ළමා වැඩසටහන්වලට සහභාගි වුණා වගේම ඒවායේ ගීත ගායනා කළා. හැබැයි ‘සමනළ සංධ්වනිය’ කළාට පස්සෙ මුලින්ම ඇයගේම ගීතයක් ලෙසින් කලඑළි දැක්කෙ ‘දුරින් ඉන්න’ නම් ගීතය කියලයි ඔහු කියන්නේ. ඉතින් නළුවෙක් වෙන්න කලින් කරපු ගීත නිර්මාණවලට ලැබුණු ප්‍රතිචාරයි, නළුවෙක් වුණාට පස්සෙ ‘දුරින් ඉන්න’ ගීතයට ලැබුණු ප්‍රතිචාරයි වෙනස් කියලත් ඔහු කියනවා. මොකද ඒ ගීතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුන නිසා.

කොහොම නමුත් අපි මොන දේ කළත් අපේ අධ්‍යාපන වටපිටාව හදාගන්න ඕනෙ කියලයි ඔහු කියන්නේ. ඒ වගේම අධ්‍යාපනය අංක එක විය යුතුයි කියලත් ඔහු කියනවා. ඉතින් අධ්‍යාපනය නිසා ජීවිතේ බොහෝ දේවල් ජය ගන්න පුළුවන් වගේම අනෙකාට ගරු කිරීම, පෞරුෂත්වය, ඉවසීම, දරාගැනීම, මේ හැමදේම අධ්‍යාපනය තුළින් අපිට කියලා දෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඉගෙන ගත්තට පස්සෙ ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකටත් ගිහින් තියෙනවා. ඉතින් අද වෙද්දි ඔහු ආචාර්ය උපාධියට සූදානම් වෙනවා. ඒත් එක්කම මේ හැමදේම අතරේ ඔහු චිත්‍රපට දහයකට, ටෙලිනාට්‍ය තිස් හතකට සම්බන්ධ වෙලා තියෙනවා කියලත් සූර්යා කියනවා. ඉතින් මේ හැමදේම කරන අතරතුරේ ඔහු ඔහුගේ අධ්‍යාපන කටයුතුත් හරියටම කර ගත්තා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *