Watapita

Just another WordPress site

මට කවදාවත් සියයට සියයක් තාත්තා වෙන්න බෑ, නමුත් මට පුළුවන් විදිහට උපරිමයෙන් තාත්තගේ හිඩැස පුරවනවා-තරංග නෙල්සන්

පහුගිය දා අප අතරින් සමුගත් රටක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පියෙක් වන නිහාල් නෙල්සන් මහතගේ පුතනුවන් තමයි තරංග නෙල්සන් කියලා කියන්නේ. ඒ වගේම ඔහුත් මේ වනවිට තාත්තාගේම අඩි පාරේ යමින් කළා ක්ෂේත්‍රයට පිවිසිලා තියෙනවා. ඉතින් අලුත්ම නිර්මාණයක් සමඟින් ප්‍රේක්ෂකයින් හමුවට එන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු මුලින්ම ඔහුගේ තාත්තාගේ ගීත දෙකක් ඔහුගේ හඬින් රූප රචනා දෙකකුත් එක්ක ගායනා කරන්නේ 1963 මාර්තු මාසයේ 31 වැනිදා ගුවන්විදුලියෙන් මුල් වරට ප්‍රචාරය වුණු ‘ලස්සනට පිපුණු වනමල්’ ගීතය වගේම ‘කරුණා සුවඳ තවරාලු’ ගීත දෙක. ඒ වගේම මේ ගීත දෙක මම එළිදැක්වූයේ පසුගිය 10 වැනිදා. ඒ වගේම කලා ජීවිතය තුල ඔහුගේ තාත්තා වැනි අය ලෙජන්ස්ලා කියලත් ඔහු කියනවා. ඉතින් තාත්තා නැති වුණාට පස්සේ ඔහුට තේරුණාලු මිනිස්සු කොච්චර ඔහුට ආදරය කරනවාද කියලා. ඉතින් තාත්තා අම්මා සමාජයේ හොඳට හැසිරුණ හින්දා ඔහුටත් මේ වගේ ආදරය ලැබෙනවා කියලයි තරංග කියන්නේ.

ඒ වගේම ‘පුත්‍ර ප්‍රභාතය’ කියලා තමයි ඔහුගේ මේ වැඩේ නම් කරලා තියෙන්නේ. ඒක හින්ද තමයි The Son Rise කියලා කියන්නේ. ඉතින් ඔහුගේ තාත්තාගේ ගීතවල සියයට අනූපහක්ම තිබෙන්නේ තාත්තාගේම තනු කියලත් ඔහු කියනවා. ඒ වගේම ගොඩක් ගීත තාත්තාමලු රචනා කරලාත් තියෙන්නේ. ඒ ඇරෙන්න අනෙක් ගීතත් ඔවුන්ගේ පවුල සමග ගොඩක් සමීප සබඳකම් පවත්වපු අය තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ඉතින් ඔවුනුත් ඔහුට කියන්නේ පුතා ඔයා තමයි මේ වැඩේ කරගෙන යන්න ඕනෑ කියලාලු. කොහොම නමුත් ඔහුගේ අදහසකුත් නැහැලු තාත්තාගේ ගීත විකෘති කරන්න. ඒ නිසා තියෙන සින්දු ඔහුගේ හඬින් කිසිම හානියක් නොවෙන්න ඉදිරිපත් කරන්න තමයි ඔහු උත්සාහ කරන්නේ.

ඒ වගේම ඔහුට සියයට සීයක් තාත්තා වෙන්න බැහැ කියලත් තරංග කියනවා. මොකද ඒක ඔහුගේ තාත්තට ඇඟෙන්ම ආපු දෙයක් නිසා. හැබැයි ඔහු පුංචි කාලේ ඉඳලම ඇහුණේ තාත්තාගේ හඬ වගේම තාත්තා සින්දු හදන විදිහ දැකලා තියෙන නිසා ඒවා අහලා ඇහැට දැකලා සියයට සියයක් බැරි වුණත් සියයට අනූපහක්වත් තාත්තාව නියෝජනය කරන්න උත්සහ ගන්නවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම තාත්තා කරන වැඩවල දී ඔහු ගොඩක් වෙලාවට තාත්තා එක්ක සම්බන්ධවෙලා තිබෙනවා කියලත් ඔහු කියනවා. ඒ නිසාම තාත්තා ඔහුට සංගීතය උගන්වල තියෙනවා. අනික තාත්තාගෙන් ඒ ගැන කවුරුහරි ඇහැව්වත් කිව්වේ එයා නිසි කාලේදී ඒ දේවල් කරයි කියලාලු. ඉතිං දැන් ඔහු හිතනවාලු මේක තමයි කාලය කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *