මම සම්මාන බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි, නමුත් ලැබුණු සම්මානය මට ගොඩක් වටිනවා-තරින්දි ෆර්නැන්ඩෝ
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි තරින්දි ෆර්නැන්ඩෝ කියලා කියන්නේ. රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඇය මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කී ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම නැඟී එන නිළිය ලෙස ඇය ඇගැයීමට ලක්වූ ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් සුළඟ මහමෙරක නාට්‍යයේ ‘සුබා’ නමැති චරිතය තමයි මෙලෙස ඇගැයීම් පත්වුණේ. ඒ ගැන ඇත්තටම ගොඩක් ආඩම්බරයි කියලයි ඇය කියන්නේ. මොකද සම්මානයක් කියල කියන්නේ කලාකරුවන්ට ගොඩක් වැදගත් දෙයක් නිසා. ඒ වගේම ඒක තමන්ගේ වටිනාකම තව තවත් වැඩි කිරීමට සහ ඉදිරියේදී ලැබෙන චරිත සාර්ථකව නිරූපණය කරන්න ලැබෙන හොඳ අභිප්‍රේරණයක් කියලත් ඇය කියනවා. හැබැයි ඇය පෞද්ගලිකව සම්මානයක් බලාපොරොත්තුවෙන් වැඩ කරන කෙනෙක් නෙමෙයිලු. කොහොම නමුත් ඇයට හොඳම නැඟී එන නිළිය ලෙස ලැබුණ මේ සම්මානය විශාල අභිප්‍රේරණයක් වුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය ප්‍රධාන වශයෙන් සහභාගි වුණ නිර්මාණවලින් තවම තිරගත වෙලා තිබෙන්නේ සුරංග අල්විස් මහතාගේ The Game සිනමා නිර්මාණය පමණයි කියලත් ඇය කියනවා. ඉතින් මේ සිනමා නිර්මාණය වැඩිම දින ගණනක් තිරගත වූවක් ලෙස වාර්තාවක් තබන්නට හැකිවෙලා තියෙනවා. ඒ වගේම ඇය කළා ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ ඉඳන්ම විවිධ චරිත නිරූපණය කළ නිසා එකම රටාවක තිබෙන චරිත තෝර ගන්නවා අඩුයි කියලයි තරින්දි කියන්නේ. ඉතින් ඇය කැමැති හුදෙක්ම බොලඳ, සරල, ප්‍රේමවන්තියකගේ චරිතයකට වඩා එහා ගැඹුරු චරිත නිරූපණයකින් යුක්ත චරිත භාරගන්නලු. ඒත් එක්කම චරිතයක් තුළින් යම් වෙනසක් කරන්නට හෝ ඒ චරිත මඟින් ප්‍රේක්ෂකයන්ට යම් පණිවුඩයක් දිය හැකි ආකාරයේ චරිතයක් හෝ හොඳ රසාස්වාදයක් දෙන චරිතයක් නම් අනිවාර්යයෙන් එවැනි චරිත භාරගන්න කැමැතියි කියලත් ඇය කියනවා.

ඒ වගේම රංගන ක්ෂේත්‍රයේ බහුතරයකට විවිධ විවේචන එල්ල වුනත් ඒක සාමාන්‍ය දෙයක් නිසා ඒ ගැන ඕනෑවට වඩා හිතන්න යන්න හොඳ නෑ කියලයි ඇය නම් කියන්නේ. එහෙම වුණාම මානසිකත්වය දුර්වල වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් කුමන ක්ෂේත්‍රයක වුණත් තමන් සාර්ථකත්වයට ළඟාවීමේදී ළඟම ඉන්න අය පවා ඊර්ෂ්‍යා කරන්න, විවේචනය කරන්න පෙළඹෙනවා. කොහොම නමුත් ගොඩක් දුරට ඇයට එල්ල වෙන හැම අභියෝගයක්ම, කටකතාවක්ම ඇය භාරගන්නේ ධනාත්මකව කියලයි තරින්දි අවසාන වශයෙන් පවසලා තිබුනේ.