කාලයක් වෙන්වෙලා හිටියත් සංසාරගත බැඳීමක් නිසා අපි ආයෙත් ලංවුණා, අංජලී මගේ අම්මා වගේමයි-තරිඳු පෙරේරා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියලා කියන්නේ. ඒ වගේම ඇයගේ ආදරණීය සැමියා වන තරිඳු පෙරේරා කියලා කියන්නේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් බව දැන්නම් බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් ඔහු විසින් ගායන කල අලුත්ම ගීතය තමයි ‘අම්මා’ කියලා කියන්නේ. ඒ වගේම ඒක ඔහු ඔහුගේ ආදරණීය මවට දුන්න වටිනා උපන්දින තෑග්ගක්. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ‘අම්මා’ ගීතය ඔහුගේ බිරිය අංජලීගේ වැඩක් කියලයි තරිඳු නම් කියන්නේ. මොකද ඇයට ඕනවෙලා තිබුනේ ඔහුගේ අම්මගේ උපන්දිනේට අමතක නොවන තැග්ගක් දෙන්නලු. ඉතින් ඒක ඔහුටත් හොරෙන් ප්ලෑන් කරපු වැඩක් කියලත් තරිඳු කියනවා. ඒත් ගායකයා නැතුව ගීතයක් සම්පූර්ණ වෙන්නෙ නැති නිසා ඔහුටත් ඒ ගැන දැනගන්න ලැබුණාලු. ඉතින් අංජලී ඒක ටෙලි නාට්‍යයක් කරනවා වගේ ප්ලෑන් කරලා තිබුණා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම අවසන් කොටසේ ඔහුගේ අම්මත් ඉන්නවා. ඉතින් මෙහි ඔහුගේ අම්මගේ තරුණ අවධිය නිරූපණය කරන්නේ ඔහුගේ බිරිඳ අංජලී.

ඒ වගේම 2007 දී තමයි ඔහුගේ මුල්ම ගීතය නිර්මාණය වුණේ. ඒ සඳ බලන්න බෑ කියලා. ඊට පස්සේ මේ අවන්හලේ කියලා හේමසිරි හල්පිට රචනා කළ නිරෝෂන් ප්‍රනාන්දු සංගීතවත් කළ ගීතයක් ඔහු විසින් කළා. ඒ වගේම තරිඳු සිල්වා රචනා කළ සංසාලියේ කියන ගීතය ඔහු ගායනා කළේ ඊට පස්සේ. ඊටත් පස්සේ තමයි ඔහු අම්මා ගීතය කළේ.

ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ අංජලී පාසල් කාලෙ ඉඳන්ම මගේ යාළුවෙක් කියලයි ඔහු කියන්නේ. ඇය ගියේ උසස් බාලිකාවට වගේම ඔහු ගියේ වේල්ස් කුමර විද්‍යාලයටලු. ඉතින් ඉස්සර පාසල ඇරෙද්දි හැමදාම ඔහු යනවාලු ඇය බලන්න. ඒ වගේම හැලහැප්පීම් ගොඩක් සිද්ධ වෙලා කාලයක් ඒ ආදරෙන් දුරස් වෙන්න වුනත් සංසාරගත බැඳීමක් නිසා කාලයක් ගිහින් හරි ඇයව ආයෙම හමුවුණා කියලත් ඔහු කියනවා. ඒ වගේම අංජලීගේ පෙනුම, ගතිගුණ ඔහුගේ අම්මාට ගොඩක් සමානයි කියලත් තරිඳු කියනවා. ඉතින් ඒකම වෙන්න ඇතිලු අංජලීට ඔහුගේ හිත බැඳුණේ. ඒ වගේම අංජලී ඔහුට ලොකු සහායක් දෙනවා වගේම හරි ආදරෙන් ඔහුව බලා ගන්නවා කියලයි තරිඳු අවසාන වශයෙන් පවසලා තිබුනේ.