මම පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ නිලියක් වෙන්න, අවුරුදු කුමරිය තරඟය මගේ ඒ හීනය සැබෑ කළා-තත්සරණි පියුමිකා
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ, දිව්‍යාදරී, කියා දෙන්න ආදරේ තරම් සහ ජානු කියන ටෙලි නිර්මාණ හතරෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි තත්සරණි පියුමිකා කියලා කියන්නේ. ඉතින් කටකාර දඟකාර රංගන ශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධ ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය පුංචි කාලෙ ඉඳන්ම හීන දැක්කෙ රංගන ශිල්පිනියක් වෙන්න කියලයි ඇය කියන්නේ. ඒ වගේම අද සැබෑවෙලා තියෙන්නෙ ඒ දැකපු හීනය කියලත් ඇය කියනවා. ඉතින් ඇයට මේ තුළින් අද විවිධ චරිත නිරූපණයන්ට යන්න හැකිවෙලා තියෙන නිසාම ඇය හරිම ආසයි වගේම ආදරෙයිලු කලාවට. ඒ වගේම ඉදිරියට විවිධාකාර චරිත රංගනයන්වලට යන්න ලොකුම කැමැත්තක් තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම එකම චරිත රංගනයන්ට කොටු නොවී මේ වෙද්දි ලැබුණු චරිත ගැනත්, සම්බන්ධ වෙන්න ලැබුණු නිර්මාණ ගැනත් ලොකු සතුටක් තියෙනවා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඇය රඟපානවට මුලින් ඇයගේ ගෙදරින් කැමති වුණේ නැහැ කියලයි තත්සරණි කියන්නේ. ඉතින් තාත්තාගෙන් තමයිලු ඇයට ලොකු විරෝධයක් තිබුණෙ. ඒ වගේම අධ්‍යාපනයට මුල් තැන දෙන්න කියලා තමයිලු හැමෝම කිව්වෙ. ඉතින් ඇය මුලින් O/L, A/L කරගෙන A/L වලින් පස්සෙ 2021 වසරේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඒ තරගයෙන් අවසන් 12 දෙනා අතරට එන්න ඇයට අවස්ථාව ලැබුණා. ඉතින් ඊට පස්සේ තමයි ඇයට මේ විදිහට කළා ක්ෂේත්‍රය තුල සාර්ථක ගමනක් යන්න අවස්ථාව ලැබුනේ.

ඒ වගේම ඇය වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වෙන්න බලාපොරොත්තුවක් තියාගෙන තමයිලු දැන් නම් වැඩ කරගෙන යන්නෙ. ඉතින් ඇය මීට පෙර වෙනත් රැකියාවක යෙදෙන ගමන් රංගනය කරගෙන ගියත් රූගත කිරීම්වලට නිවාඩු ලබාගන්න අසීරු වුන නිසා රැකියාවෙන් ඉවත් වෙලා සම්පූර්ණ කාලය රංගනය වෙනුවෙන් වැය කළා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.