මමත් සිඟිති අවුරුදු කුමරියක් තමයි, පොඩි කාලෙදීනම් අවුරුදු එනකම් පට්ට ආසාවෙන් බලාගෙන හිටියා- තත්සරණි පියුමිකා
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ රුචීගේ චරිතය හරහාත්, ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ නානාගේ පොඩි එකීගේ චරිතය හරහාත්, ‘දිව්‍යාංජනී’ ටෙලිනාට්‍යයේ ‘නිම්මිගේ’ චරිතය හරහාත්, අලුතින් විකාශනය වන ‘ජානු’ ටෙලිනාට්‍යයේ ශාක්‍යාගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි තත්සරණි පියුමිකා කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් රංගනය කියන්නේ ඇයගේ පොඩි කාලේ ඉඳන් තිබුණු ලොකු හීනයක් කියලයි ඇය නම් කියන්නේ. කොහොම නමුත් ඇයගේ තාත්තා ඇයට ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න ඉඩ දුන්නෙ නැහැ කියලත් ඇය කියනවා. මොකද මුලින්ම ඉගෙන ගෙන ඉන්න ඕන නිසා. ඉතින් ඒ නිසා උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව තමයිලු ඇය කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ඇයගේ අම්මගේ මාමා තමයි ආරියසේන ගමගේ. ඉතින් සීයා රඟපානවා දැකලා පුංචි කාලෙම ඇයටත් රඟපාන්න ආසා හිතුණා කියලයි තත්සරණි නම් කියන්නේ.

ඒ වගේම ඇය 2021 අවුරුද්දෙ ස්වාධීන රෑපවාහිනී සේවයේ අවුරුදු කුමරිය තරගයට ඉල්ලුම් කරලා ඒ තරගයෙන් අවසන් දොළොස් දෙනාට තේරුණා. කොහොම නමුත් ඇත්තටම ඇයට ඕන වුණෙත් අවුරුදු කුමරිය තරගයෙන් දිනනවාට වඩා කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා ගන්නලු. ඉතින් දැන් ඇයගේ තාත්තත් ඇය කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට කැමතියි කියලයි ඇය නම් කියන්නේ.
ඒ වගේම ඇයට මුලින්ම ආරාධනා ලැබුණෙ පාර දිගේ ටෙලිනාට්‍යයට වුනත් ඇය ඒ අවස්ථාවෙදි පිටපත කියවලා, චරිතය බලලා ඒක බාරගත්තෙ නැහැ කියලත් තත්සරණි කියනවා. නමුත් ඒ වෙද්දි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය හරි ජනප්‍රිය නිසා පාර දිගේ ටෙලිනාට්‍යයට නැවත කතා කරද්දිත් ඒකට පුදුම ආසාවක් ඇතිවුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම පුංචි කාලේ ඉදන්ම ඇය ගමේ අවුරුදු උත්සවවලට සහභාගි වුණා කියලත් තත්සරණි කියනවා. ඉතින් ඇය තරගවලට සහභාගිවෙලා ජයග්‍රහණය කරලත් තියෙනවාලු. ඒ වගේම සිඟිති අවුරුදු කුමරිය තරගවලින් ජයග්‍රහණය කරළා තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇත්තටම සිංහල අලුත් අවුරුද්ද එනතුරු ඒ කාලේ හරිම ආසාවෙන් බලාගෙන හිටියා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.