Watapita

Just another WordPress site

මම පුංචි කාලේ ඉදන්ම දැකපු එකම හීනිය නිලියක් වෙන එක, පාර දිගේ නිසා මගේ නිලි සිහිනය සැබෑ වුණා-තත්සරණි පියුමිකා

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ, කියාදෙන්න ආදරේ තරම්, දිව්‍යාදරී වගේම ජානු කියන ටෙලි නිර්මාණ හතර හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තත්සරණි පියුමිකා කියලා කියන්නේ. ඉතින් 2021 අයි.ටි.එන්. අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස්දෙනා අතරට තේරී පත්වෙමින් උත්සාහයෙන් සහ කැපවීමෙන් රංගන සිහිනයද සැබෑ කරගත් ඇය පහුගිය දවසක පුවත්පතකාට ඇයගේ අලුත්ම තොරතුරු පවසලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය උසස් පෙළ හදාරලා ඉවර වෙලා ඉන්දියන් කල්චර් සෙන්ටර් එකේ හින්දි ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන අතරතුර තමයි ඇයට පාරදිගේ රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. කොහොම නමුත් ෂූටින් නිසා පාඨමාලාව අතරමග නතර කරන්න වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් අප්‍රේල්වලින් පස්සේ පාඨමාලාව සම්පූර්ණ කරන්න හිතාගෙන ඉන්නවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මීට කලින් රැකියාවක් කලත් රූගත කිරීම් එක්ක රැකියාව කරන්න බැරි නිසා රැකියාවෙනුත් ඉවත් වුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම පුංචි කාලේ ඉඳලා ඇය දැකපු හීනේ තමයිලු නිළියක් වෙන එක. ඉතින් රඟපෑමේ හීනය සැබෑ කරගන්න තමයි ඇය අයි.ටී.එන්. අවුරුදු කුමරිය තරගයට ගිහින් තියෙන්නෙත්. ඒ වගේම රඟපාන්න තිබෙන ආසාවටම සාමාන්‍ය පෙළට නාට්‍ය හා රංග කලාව විෂය තෝරා ගත්තා කියලත් ඇය කියනවා. ඉතින් ඇය අවුරුදු කුමරිය තරගයෙන් ඉවත් වෙලාා ටික දවසක් යද්දි පාරදිගේ ටෙලි නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතා නිරාශාගේ චරිතයට ඇයට කතා කල දවස ඇයට හරියට හීනයක් වගේ කියලයි ඇය නම් කියන්නේ.

ඒ වගේම ඇයට රංගනයේදී ප්‍රවීණ පිරිසගෙන් ලොකු සහයෝගයක් ලැබුණා කියලත් ඇය කියනවා. හැබැයි කැමරාවක් ඉස්සරහ ඇයට අත්දැකීම් තිබුණේ නැති හන්දා පොඩි බයක් දැණුනා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම පාර දිගේ ටෙලි නාට්‍ය නිසා තමයිලු ඇයට හැම අවස්ථාවක්ම ලැබුණේ. ඉතින් ලෝකයේ හොඳම හමුවීම තමන්ට තමා හමුවීම කියලා කතාවක් තියෙනවා වගේ ඇයගේ පුංචි කාලේ ඉඳන් හිතේ ඩෙඟා නටපු පැළපදියන් වෙලා තිබුණු හීනයක් තමයිලු රඟපාන එක. ඒ වගේම රංගනය කියන්නේ පාසලකින් ඉගෙන ගෙන එන්න ඕනෑ දෙයක් නිසාම ඇය දැන් ඉගෙන ගනිමන් ඉන්නවා කියලයි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *