Watapita

Just another WordPress site

ගුවන් විදුලියේ මුලින්ම කිස් එකක් දුන්නේ මම, මගේ ජීවිතේට මට ලැබුණු ලොකුම තෑග්ග කොච්චි කියන නම-තිළිණි පූර්ණිමා

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් තමයි තිලිණි පූර්ණිමා කියලා කියන්නේ. ඒ වගේම ඇයගේ ඇත්ත නමට වඩා හැමෝම ඇයව දන්නේ කොච්චි කියලා කිවුවාමයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් අලුත් අවුරුද්දත් ළග ළගම එන නිසා මේ දවස්වල වැඩ ටිකක් වැඩියි කියලයි ඇය කියන්නේ.

ඒත් එක්කම සංගීත ප්‍රසංග වගේම වැඩසටහන් කිහිපයකටත් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේම ඇයගේ රෙස්ටුරන්ට් එකේ වැඩවලටත් ඉඩක් දෙන ගමන් කාලය කළමනාකරණ කරගෙන ඉස්සරහට යනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය පුංචි කාලේ ඉදන් හීන දැක්කෙ ඉංජිනේරුවරියක් වෙන්නලු. ඒ වගේම පේරාදෙණිය කැම්පස් එකටත් කවදහරි යන්න ලොකු ආසවක් තිබුණා කියලයි ඇය කියන්නේ. ඒ නිසාම උසස් පෙළ ඇය කරලා තියෙන්නෙත් ගණිත අංශයෙන්.

ඒ වගේම ඇය 2 වසරෙ ඉඳලා රගපලා තියෙනවා වුනාට ඇයගේ ඇතුළෙ ඉන්න නිවේදිකාව එළියට එන්නෙ 05 වසරෙදි කියලත් ඇය කියනවා. ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ ළහිරු මඩලට සම්බන්ධ වීමත් එක්ක. කොහොම නමුත් ඇයට පාසල තුළදි නම් නිවේදිකාවක් විදියට කටයුතු කරන්න ඉඩක් ලැබුනේ නැහැලු. ඉතින් ඊට පස්සෙ ඇය රන් එෆ් එම් නාළිකවට අයදුම් කරලා ඒ විදියට තමයි වෘත්තීමය වශයෙන් ක්ෂේත්‍රයට එන්නේ.

ඒ වගේම ඩිජේ නේම් එකක් කියන්නෙ විශේෂයෙන්ම ගුවන්විදුලි නිවේදකයින්ට වටින දෙයක් කියලත් ඇය කියනවා. ඉතින් ඇය වැඩ කරපු නාළිකා හැම එකකම වගේ ඇයට ඩිජේ නේම් එකක් තිබුණාලු. කොහොම නමුත් කොච්චි කියන්නෙත් එහෙම ලැබුණ නමක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයගේ ජීවිතේ ඇයට ලැබුණු ලොකුම තෑග්ග තමයිලු කොච්චි කියන නම. ඒ වගේම ඇය ගොඩක් අය අතරට ගියේ ඒ නම නිසා කියලත් ඇය කියනවා. ඉතින් අදටත් ගොඩක් අය ඇයට කතා කරන්නෙ ඒ නමින්ලු.

ඒත් එක්කම ගුවන් විදුලියේ ප්‍රථම වතාවට කිස් එකක් දෙන්න ඉදිරිපත් වුණ නිවේදිකාව තමයි ඇය. ඉතින් ඒකට ගොඩක් අය ඇයට බැනල තිබුණා කියලත් ඇය කියනවා. ඉතින් කෙනෙක් තව කෙනෙක්ව කිස් කරන්නෙ ඒ කෙනාව අපිට සමීප නිසා වුනත් ඒ සමීප බවට මිනිස්සු බනින්නේ ඇයි කියලා හිතා ගන්න බැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *