Watapita

Just another WordPress site

බාගෙට ඇඳලා ඇඟ පෙන්නන් නැතුවත් සරාගී වෙන්න පලුවන්, හැබැයි මම තාමත් තනිකඩයි-තුෂිනි ප්‍රනාන්දු

පහුගිය කාලයේ පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු තුන්පනේ ටෙලිනාට්‍ය හරහා වගේම ගේම් චිත්‍රපටය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි තුෂිනි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඒ වගේම ඉතාලියේ ජීවත්වන ඇය ඒ අතරතුර ලංකාවේ කලා ක්ෂේත්‍රයේ කටයුතු වලට සම්බන්ද වෙනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය පහුගිය කාලෙ නිවාඩුවට ලංකාවට ඇවිල්ලා හිටියත් දැන් ආපහු ඉතාලියට ඇවිත් ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය මේ වෙද්දි ඉතාලියේ රැකියාවක් කරන නිසා ඒ රැකියාව කරන අතරතුර නිවාඩු ලැබුණාම ලංකාවට ඇවිත් රංගන කටයතු කරන්න තමයිලු ඇයගේ කැමැත්ත තියෙන්නෙ. ඉතින් ඇයට ලංකාවේ වැඩි කාලයක් ඉන්න බැරි නිසා මෙගා ටෙලි නාට්‍යයවලට වඩා කොටස් ප්‍රමාණය අඩු ටෙලි නාට්‍ය තමයිලු ඇය බාරගන්නෙ. ඒ වගේම ඇය ඉතාලියේ හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියාවක් කරනවා කියලයි තුෂිනි කියන්නේ.

ඉතින් සමාජ සංස්කෘතික අතින් ගත්තත්, විලාසිතා, කෑමබීම අතින් ගත්තත් ඉතාලිය කියන්නෙ කියන්නෙ නිදහස උපරිමයෙන්ම තියන ලෝකෙ හොඳම රටක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ලස්සන වෙන්න කියලා කිසිම කෘතිම දෙයක් කරන්නෙ නැහැලු. ඉතින් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන විදිහෙ ආහාර ගන්නවා, හොඳට වතුර බොනවා වගේම සතියට දවස් හයක් විතර ජිම් ගිහින් ව්‍යායාම කරනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ගෙදර ඉන්න වෙලාවට ඇය යෝගා ව්‍යායාමව යෙදෙනවා කියලත් තුෂිනි කියනවා. ඒ වගේම ඇයගේ බාහිර සිරුරේ ලස්සන ඇය කරලා තියන පිනකට ලැබුණ දෙයක් කියලයි ඇය කියන්නේ. නමුත් ඇය ආභරණ විදිහට දකින්නෙ බාහිර සිරුර නෙමෙයිලු. මොකද අපි හොඳ විදිහට ගොඩනගාගන්න ආකල්ප, ආචාර ධර්ම, මනුස්සයෙක්ට ගරුකරන ආකාරය වගේ දෙවල් තමයිලු ඇය ආභරණ විදිහට දකින්නෙ.

ඒ වගේම සරාගීකම කියන්නෙ ඇඟ පෙන්නන එක නෙමෙයි කියලයි ඇය කියන්නේ. ඉතින් අවුරුදු දහ අටේදි විස්සෙදි විතර ඇයත් හිතුවාලු කොටට ඇන්දාම සරාගී කියලා. නමුත් වයසින් මුහුකුරා ගිහින් ජීවිතය ගැන අත්දැකීම් ලැබෙද්දි සරාගී වෙන්න ඇඟ පෙන්නන්න අවශ්‍ය නැහැ කියලා තේරුණා කියලත් තුෂිනි කියනවා. ඉතින් දැන් කවුරුහරි ඇඟ පේන විදිහෙ විලාසිතා කරද්දි ඇයට හිතෙන්නෙ ඒක හරි අශෝභන කැත දෙයක් කියලාලු. ඒ වගේම ඇඟ වැහෙන වැදගත් විදිහෙ විලාසිතාවලින් සරාගීකම පෙන්වන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඉතින් ගෑනු ළමයෙක්ට ගැළපෙන්නෙ වැදගත් විදිහෙ විලාසිතා කලාම හොඳ ලස්සනක් තියනවා වගේම තමන්ගෙ ප්‍රතිරූපය අනිත් අය අතරෙ ගෞරවයක් ලැබෙනවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇය තාම තනිකඩයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *