Watapita

Just another WordPress site

මයික්ගේ පෙම්වතිය වුනාට මට තවම පෙම්වතෙක් නැහැ, රැකියාව මොකක් වුනත් මගේ වැඩවලට උදව් කරන කෙනෙක්ට මම කැමතියි-උදාරි සෞභාග්‍යා

වසර 5කට අදික කාලයක් තිස්සේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් ලබමින් දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ සරලාගේ චරිතය හරහා එහෙමත් නැත්නම් මයික්ගේ පෙම්වතිය ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි උදාරි සෞභාග්‍යා කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් ඇය ඉස්සර ආසාවෙන් ඉදලා තියෙන්නේ එයා හොස්ටර්ස් කෙනෙක් නැත්නම් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න කියලයි ඇය කියන්නේ. හැබැයි ඇයගේ මාමගේ යාළුවෝ දෙන්නෙක් තමයිලු දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණය කරන සාරංග මෙන්ඩිස් හා චාමිකා මෙන්ඩිස් කියලා කියන්නේ. ඉතින් ඒ දෙන්නා දවසක් ඩිනර් එහෙකදී ඇයව දැකලා හමුවෙලා කතාබහ කිරීමකින් පස්සේ ස්ක්‍රීන්ටෙස්ට් එහෙකට එන්න කියලා කිවිවා ඇයට කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඇය ගිහින් ඒකට ඉදිරිපත් වුණා ඊට පස්සේ තමයි ඇයට රංගනයට අවස්ථාව ලැබිලා තියෙන්නේ.

ඒ වගේම ඇය දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා කියලත් උදාරි කියනවා. ඉතින් දෙවෙනි ඉනිම තමයි ඇය රගපාන ප්‍රථම ටෙලි නාට්‍යය. ඒ වගේම ගොඩක් අය කියනවාලු ඇය සැරයි කියලා. හැබැයි ඇය එහෙම සැර කෙනෙක් නෙවෙයි කියලයි ඇයනම් කියන්නේ. ඒ වගේම ඇය මීට පෙර රඟපෑ ටෙලිනාට්‍යයක් පසුගිය කාලේ විකාශය අවසන් වුණා. ඒ තමයි පීතෘ ටෙලිනාට්‍ය.

ඉතින් දැන් ඇයට අවුරුදු විසිතුනක් වුනත් ඇය තවම පෙම්වතියක් නෙවෙයි කියලයි උදාරි නම් කියන්නේ. කොහොම නමුත් ඇයගේ වැඩ කටයුතුවලට සහය වන කෙනෙක් වගේම ඇයට රැකවරණය, ආදරය ලබාදෙමින් ඉන්න පුළුවන් විදිහේ කෙනෙක්ට තමයිලු ඇය කැමති. හැබැයි ඔහු කළා ක්ෂේත්‍රයේ හෝ වෙනත් ක්ෂේත්‍රයේ කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *