මම වාසනාවන්ත නිලියක් නිසා මට ලස්සන පවුල් ජීවිතයක් තියෙනවා, ඒක කවදාවත් කැඩිලා බිඳිලා යන්නේ නැහැ-උදාරි වර්ණකුලසූරිය
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සම්මානනීය රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නේ. ඒ වගේම කාලෙන් කාලෙට පුංචි තිරය හරහා මෙන්ම රිදී තිරය හරහාත් එකිනෙකට වෙනස් චරිත හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය වැඩිපුරම ඉන්නේ සිංගප්පුරුවේ. කොහොම නමුත් ඇයගේ පවුල් සංස්ථාව බිඳ වැටිලා කියලා මේ දවස්වල කටකතාවක් යනවා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය හරිම වාසනාවන්ත නිළියක් නිසා ඇයට ලැබෙන හැම චරිතයක්ම එකිනෙකට වෙනස් කියලයි උදාරි කියන්නේ. ඒ වගේම ඇය රංගනයෙන් දායක වුණා අති දැවැන්තයින් අධ්‍යක්ෂණය කරන සිනමාපට අටක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි කියලත් ඇය කියනවා. ඒ වගේම චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට ඇයට ආරාධනා කළාට පස්සේ ඇය සැමියාට කියලාලු ඒ හැම චරිතයකටම රංගනයෙන් දායක වෙන්නේ. එහෙම නැත්නම් ඒකට සම්බන්ධ වුණාට කමක් නැද්ද කියලා අහනවාලු. ඉතින් ඔහු සාමාන්‍යයෙන් අකමැති වෙන්නේ නැහැ කියලයි උදාරි නම් කියන්නේ.

ඒ වගේම ඔහු ඇයට ඉස්සර ඉඳලම පූර්ණ නිදහස දීලා තියෙනවාලු ඇයට කැමැති දෙයක් කරන්න. ඉතින් උදාරි කියන විදිහට ඔහු දන්නවාලු ඇය නරක දෙයක් කරන්නේ නැහැ කියලා. ඒ වගේම ඉස්සර ඉදන්ම ඇය කැමැති විලාසිතා කරන්නේ ඇයට සැමියාගෙන් අවසර තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් කොටට වගේම කර පේන්න අඳිනවා වුනත් හිරට, කලවා පේන්න, අනවශ්‍ය විදිහට ශරීරය නිරාවරණය කරන විලාසිතා කරන්නේ නැහැ කියලත් උදාරි කියනවා. ඒ වගේම ඇය සැමියාගේ කැමැති අකැමැති දේ තේරුම් අරන් ඉන්න නිසා ඔහ එපා කියන දේවල් නොකර ඉන්න වග බලාගන්නවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම අද වෙනකන් ඇය කරන දේවල්වලට කිසිම කෙනෙක් ඇයට බණිනවා නම් ඇහිලා නැහැ කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇයගේ දුව අවුරුදු හතක් හිටියේ ඇයත් එක්ක ලංකාවේ කියලයි උදාරි කියන්නේ. නමුත් දැන් දුව ඉන්නේ එයාගේ තාත්ත ළඟ සිංගප්පූරුවේ. ඒ නිසා ඇය දැන් වැඩිපුරම ඉන්නේ සිංගප්පූරුවෙ. ඉතින් ලංකාවට ආවේ ගිය සතියේ කියලත් උදාරි කියනවා. ඒ වගේම ඇය හරි ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් නිසා විවාහ වුණ දවසෙ ඉඳලම අද වෙනකල් හෙටටත් ඇයගේ පුංචි පවුල සුරක්ෂිතව තියේවි කියලයි ඇය කියන්නේ. ඉතින් ඒක කවදාවත් කැඩිලා බිඳිලා යන පවුලක් නෙවෙයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.