Watapita

Just another WordPress site

අවුරුදු 15කට කලින් මම පළමු සම්මානය ලබා ගනිද්දී මගේ කුසට මාස 3යි, දුව තමයි මගේ වාසනාව-උදාරි වර්ණකුලසූරිය

පුංචි තිරය හරහා මෙන්ම රිදී තිරය හරහාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සම්මානනීය රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නේ. ඒ වගේම සයිමන් නවගත්තේගම සූරීන් විසින් රචනා කළ අවසන් නවකතාව තමයි සංසාරණ්‍ය අසබඩ කියලා කියන්නේ. සංජය නිර්මාල් ඒ නවකතාව ඇසුරෙන් සංසාරණ්‍ය අසබඩ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළා. ඉතින් ඒකාකාරී ටෙලි නාට්‍ය කලාවෙන් බැහැර වූ ටෙලි නාට්‍යයක් හැටියට බොහෝ දෙනෙක් ආදරයෙන් සංසාරණ්‍ය අසබඩ ටෙලි නාට්‍ය වැළඳ ගත්තා. ඒ වගේම එම ටෙලි නාට්‍යයේ ළමාතැනීගේ චරිතයට රංගනයෙන් දායක වී මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම්මානය දිනා ගැනීමට ඇය වාසනාවන්ත වුණා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇය පසුගිය වර්ෂයේ ඇය රයිගම් ටෙලි සම්මාන උළෙලේදීත් හොඳම නිළියට හිමි සම්මානය හිමිකර ගත්තා. ඒ වගේම ඇයගේ පළමු සම්මානය මීට අවුරුදු 15කාට කලින් ලැබුණ ඒ මොහොත අදටත් ඇයට අමතක වෙන්නේ නැහැ කියලයි උදාරි කියන්නේ. ඉතින් බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ සංසලා කියන්නේ ඇයගේ පළමුවැනි ටෙලි නාට්‍ය රංගන අත්දැකීම. ඒ වගේම ඇයගේ පළමුවැනි ටෙලි නාට්‍ය රංගනයෙන්ම ජනප්‍රිය නිළියට හිමි සම්මානය දිනා ගන්න තරම් ඇය වාසනාවන්තියක් වුණා. ඊට අවුරුදු පහළොවකට පස්සේ 2023 සුමති සම්මාන උළෙලේදී 2020 වර්ෂයේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නත් ඇයට අවස්ථාව ලැබුණා. ඉතින් ඇයව පළමු වරට සම්මානනීය ජනප්‍රිය නිළියක් කළේ සුමති සම්මානය නිසා ජනප්‍රිය නිළියගේ සිට හොඳම නිළිය දක්වා එන්න තරම් ඇය වාසනාවන්තයි කියලා ඇයට හිතෙනවාලු.

ඒ වගේම ඇය කලා ජීවිතයට ප්‍රවේශ වුණේ සිනමා රංගන ශිල්පිනියක් හැටියට. ඉතින් ඇයට ඒ අවස්ථාව උදා කරලා දුන්නේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයා. ඔහු අධ්‍යක්ෂණය කළ පායා එන්න හිරු සේ සිනමා නිර්මාණය තමයි ඇයගේ පළවෙනි රංගන අත්දැකීම. ඉතින් ඊට පස්සේ එදා ඉඳලා අද වෙද්දි ඇය පෙම්වතියක්, මවක්, බිරිඳක්, සහෝදරියක්, යෙහෙළියක් ආදී වශයෙන් විවිධ චරිත කරලා තියනවා. ඒ වගේම අවුරුදු 15 ක් පුරාවට රංගන ශිල්පිනියක් හැටියට කළ කැපවීම සම්මානයකින් අගය කිරීම ගැන ඇත්තටම සතුටු වෙනවා කියලත් ඇය කියනවා.

ඒත් එක්කම ඇයගේ ආදරණීය සැමියා එදා වගේම අදටත් ඇයගේ ජීවිතයට විශාල ශක්තියක් කියලයි ඇය කියන්නේ. මොකද ඔහු ඇයගේ ජීවිතයට ආවෙ නැත්නම් අද ඇය මේ තත්ත්වයේ නැහැලු. ඒ වගේම ඇය රංගන ජීවිතයට එද්දිත් විවාහක කාන්තාවක්. ඉතින් මේ අවුරුද්ද වෙද්දී ඇයගේ විවාහ ජීවිතයට අවුරුදු පහළොවක් සම්පූර්ණ වෙනවා කියලත් උදාරි කියනවා. ඒ වගේම ඇයගේ දියණිය ඇයගේ වාසනාව කියලා ඇය හැමවෙලේම විශ්වාස කරනවාලු.

ඒත් එක්කම ඇය සුමති සම්මාන උළෙලේදී පළමුවැනි වතාවට සම්මානයක් ලබා ගද්දී ඇයගේ කුසට හරියටම මාස තුනයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඊට පස්සේ ඇය කිහිප වතාවක්ම ජනප්‍රිය නිළිය හැටියට නිර්දේශ වෙලා හොඳම නිළිය හැටියට සහ ජනප්‍රිය නිළිය හැටියට සම්මාන ලබා ගත්තා. ඉතින් ඇයගේ දියණිය ලැබුණාට පසුව තමයිලු ඇයට ඒ සියලුම ජයග්‍රහණය ලැබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *