මම අද වෙනකම් කිසිම වෙඩින් එකකටවත් බර්ත්ඩේ පාටියකටවත් ගිහින් නැහැ, ඒක මගේ ප්‍රතිපත්තියක්-උදාරි වර්ණකුලසූරිය
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නේ. ඉතින් නිරන්තරයෙන්ම කළා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය ශ්‍රී ලාංකේය සාහිත්‍ය වංශකතාවේ සදාතනික සලකුණක් බදු සයිමන් නවගත්තේගමයන්ගේ අවසන් නවකතාවෙහි ටෙලි රූප පෙළහර වන ‘සංසාරාරණ්‍යය අසබඩ’ ටෙලි නිර්මාණයේ ළමාතැනීගේ චරිතයට පණපොවා මෙවර සුමති සම්මාන උළෙලේ 2020 වසරේ හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස ඇය සම්මානයට පාත්‍ර වුණා. ඉතින් ලැබූ ජයග්‍රහණය සහ අලුත්ම තොරතුරු දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම ගැන ගොඩක් සතුටුයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ලොකු ආඩම්බරයක් දැනෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් චරිත විතරයිලු ඇය හැමවෙලේම තෝරාගන්නේ. ඉතින් තිර රචකයා තිර පිටපත ලියද්දි ඔහුගේ කාලය, ශ්‍රමය වැය කරලා ඔහු ආදරය කරන චරිත තමයි ඔහු අතින් ලියැවෙනවා වගේම එම තිරපිටපත අධ්‍යක්ෂවරයා භාර ගන්නෙත් ඒ නිර්මාණයට තිබෙන ආදරය නිසා කියලයි උදාරි කියන්නේ. ඒ නිසාම ඇය ඔවුන්ගේ බලාපොරොත්තු නැති කරලා සාධාරණයක් කරන්න බැරි චරිත භාරගන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ පරාසයේ තිබෙන චරිත පමණයිලු ඇය භාරගන්නේ. ඉතින් චරිතවලට තිබෙන කෑදරකමට සාධාරණයක් කරන බැරි චරිත භාර අරගෙන නිර්මාණයට අසාධාරණයක් කරන්න ඇය කැමැති නැහැ කියලත් උදාරි කියනවා.

ඒ වගේම ඉදිරියේදී රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණ අටක් පමණ තිරගත වීමට සූදානම්. නම් වශයෙන් කිව්වොත් ජැක්සන් ඇන්තනී මහතාගේ එක ගෙයි සොකරි, සුනිල් ආරියරත්න මහතාගේ ක්ෂීර සාගරය කැලඹිණ, ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ බිදුණු විශ්වය, සරත් වීරසේකර මහතාගේ ශ්‍රී සිද්ධා, වී. සිවදාසන් මහතාගේ දෙවැනි යුද්ධය, සංජීව පුෂ්පකුමාර මහතාගේ ආසු, ජැක්සන් ඇන්තනී මහතාගේ මේ වනවිට අවසන් අධ්‍යක්ෂණය වන දේවි සම්බුලා සිංහල චිත්‍රපටය සහ සම්බුලා කියන ඉංග්‍රීසි චිත්‍රපටය යන සිනමා නිර්මාණ රූගතකිරීම් අවසන් කරලා හඬකැවීම් කටයුතු සහ සංස්කරණ කටයුතු අවසන් කරලා තිරගත වීමට සූදානමින් තිබෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් මේ වසරේදීවත් එම සිනමා නිර්මාණ අතරින් කිහිපයක් හෝ ප්‍රේක්ෂකයන් අතරට එයි කියලා බලාපොරොත්තුවෙන් සිටිනවා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඇය අනෙක් රංගන ශිල්පීන් මෙන් සෝෂල් මීඩියා වැනි marketing strategy සඳහා යොමු නොවී සාදවලට නොයා හුදෙකලා කාන්තාවක් ලෙස ජීවත්වීත් වෙන කෙනක්. ඉතින් ඒක ඇයගේ විධිය කියලයි උදාරි නම් කියන්නේ. පොඩි කාලේ කාලෙ ඉඳලම ඇය හුදෙකලාව ජීවත් වුණු කෙනෙක් නිසා කොන්වන්ට් එකකට පාසල් ගිහින්, ස්කූල් වෑන් එකේ පාසලට ගිහින් ආපහු ඒකෙන්ම ගෙදර ඇවිල්ලා, ගෙදරම පන්ති කරවලා සමාජගත වීමක් වුණේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම ළඟින්ම තියාගෙන ගෙවල්වලට ගිහින් ආශ්‍රය කරපු යාළුවෝ ඇයට දැනටත් නැහැ කියලයි උදාරි කියන්නේ. ඉතින් අද වෙනකන් ඇය ඇයගේ අයියාගේ මඟුල් ගෙදර හැරුණුකොට කිසිම මඟුල් ගෙදරකටවත් උපන්දින සාදයකටවත් කිසිම සාදයකට ගිහින් නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඒක ඇයගේ ප්‍රතිපත්තියක් නිසා ඇය තනි වෙන්න කැමැති කෙනෙක් කියලයි අවසාන වශයෙන් පවසලා තිබුනේ.