මගේ ජීවිතේට ගැලපෙනම කෙනා මට ලැබුණා, ඉතින් දැන් සංගීත ජීවිතේ වගේම පවුල් ජීවිතෙත් සියයට දාහක් සාර්ථකයි-උදේෂ් ඉන්දුල
දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 01 කිරුල හිමිකරගනිමින් කළා ක්ෂේත්‍රයට එකතු වුනු දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි උදේෂ් ඉන්දුල කියලා කියන්නේ. ඒ වගේම එදා තිබුණු ජනප්‍රියත්වය අදටත් එලෙසම පවත්වාගෙන යන ඔහු දැන් විවාහ වෙලා ආදරණීය බිරිඳයි පුංචි පුතයි එක්ක ආදරණීය සුන්දර පවුල් ජීවිතයක් ගත කරන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පවුල් ජීවිතේ ගැනත් කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහුගේ පුතා තමයි වර්ණ විභූ. ඒ වගේම පුතාට දැන් වයස අවුරුදු දෙකහා මාරක් වෙනවාලු. ඉතින් ඔහුගේ ජීවිතේ ගෙවෙන්නේ පුතා එක්කම තමයි කියලයි උදේෂ් කියන්නේ. ඒ වගේම ඔහුගේ බිරිඳ නටන්න දක්ෂ නිසා ඇය සින්දුවකට නර්තනයේ යෙදෙද්දි පුතත් නටනවාලු. ඒත් එක්කම ඔහු සින්දු කියද්දි පුතා ඔහුත් එක්ක සින්දු කියන නිසා ඒ සමහර ඒවා සෝෂල් මීඩියා දැම්මම ඒවට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා කියලත් ඔහු කියනවා.
ඒ වගේම ඔහු සාමාන්‍ය පෙළට වගේම උසස් පෙළට කළේ නර්තනයලු. ඒ නිසා ඔහුට හොඳට නටන්නත් පුළුවන් කියලයි උදේෂ් කියන්නේ. ඒ වගේම දෙරණ ඩ්‍රීම් ස්ටාර් වෙලා දවස් දෙකකින් තමයිලු ඔහු කැම්පස් ගියේ. ඉතින් මුලින් කළේ නර්තනය වුනත් පස්සේ සංගීතයට මාරු වුණා කියලත් ඔහු කියනවා. ඒත් එක්කම උපධිය ගත්තට පස්සේ ඔහු ශ්‍රීපාලි මණ්ඩපයේම කථිකාචාර්යවරයකු විදිහට අවුරුදු පහක් වැඩ කරළා තියෙනවා.

ඉතින් ඔහුගේ සරල ජීවිතය ඔහුගේ බිරිඳ දිල්හාරා එක්ක පවුල් ජීවිතයක් ගත කරන්න හරියට ගැළපුනා කියලයි උදේෂ් කියන්නේ. ඒ නිසාම සීයට දාහක් පවුල් ජීවිතයේදී සාර්ථකයි කියලත් ඔහු කියනවා. කොහොම නමුත් දෙන්නෙක් එකට ජීවත් වෙද්දී නොගැළපීම් ගළපා ගන්න ඕන වගේම හැරෙන්න ඕන තැන්වල හැරිලා නැමෙන්න ඕන තැන්වල නැමිලා කකුලක් පස්සට ගන්න ඕන තැන්වල කකුලක් පස්සට අරන් ජීවත් වුණාම ජීවිතේ හරි සුන්දරයි කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම මම ගෙදර පිරිමියා කියලා පොර වෙලා ජීවත් වුණොත් පවුල් ජීවිතේ සාර්ථක නැහැ කියලත් උදේෂ් කියනවා. ඉතින් දැන් ඔහුගේ පුද්ගලික ජීවිතේ ගත්තොත් සංගීත ජීවිතේ වගේම සාර්ථකයිලු. ඒ වගේම ඩ්‍රීම් ස්ටාර් වුණ නිසා ලක්ෂ තිහක ගෙයක් ලැබුණා, මුදල් ලැබුණා වුනත් ඒ ලැබුණ මුදල සහ මුල් කාලේ හම්බ කරපු හැම සතයක්ම ඔහු ඔහුගේ අම්මගේ අසනීපයට වියදම් කරලා තියෙනවා. ඉතින් දැන් අම්මා සුවෙන් ඉන්න නිසා ඇය ඔවුන් එක්ක සතුටින් ජීවත් වෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.