මම ගොඩක් හුදකලාවට ප්‍රිය කරන තනිවම කාලය ගත කරන කෙනෙක්, හොඳම නිළිය වුනේ 4වෙනි පාරට-උමාලි තිලකරත්න
වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරය හරහාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියලා කියන්නේ. ඒ වගේම ඇයගේ නිහතමානී කම නිසාම අපේ රටේ බොහෝ දෙනෙක් ඇයට ආදරය කරන බව රහසක් නම් නෙවෙයි. ඉතින් සමාජ මාධ්‍ය තුලත් නිහඩ චරිතයක් වන ඇය දක්ෂ නිවේදන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් විදිහත් හදුන්වලා දෙන්න පුළුවන්.

ඒ වගේම පහුගිය දා පැවති සුමති සම්මාන උළෙලේ 2021 වසරේ හොඳම නිළිය වුනේද ඇයයි. ඒ වගේම 2022 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහාද ඇය නිර්දේශ වෙලා තිබෙනවා. ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දෑසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් 2021 වසරේ හොඳම ටෙලි නාට්‍ය නිළිය ලෙස ඇයට සම්මානය හිමි වුනේ ‘සකර්ම’ ටෙලිනාට්‍යයේ තිලකාගේ චරිතය නිසයි. ඒ වගේම මේ වෙද්දී ඇය හොඳම නිළිය ලෙසින් හතර වතාවක් තේරී පත්වෙලා තියෙනවා. ඒ සී රජ – ලෝකිතා දේවිය (සහාය නිළිය 2018), බොහිමියානුවා – නූරි (හොඳම නිළිය 2019), සකර්ම – තිලකා (හොඳම නිළිය 2021), පිතෘ – ගෞරි (හොඳම නිළිය 2022) ටෙලිනාට්‍ය සහ චරිත වලට.

ඒ වගේම මේ දිනවල රාජිත දිසානායකගේ ‘නැතුව බැරි මිනිහෙක්’ සහ ‘ජූලි මාසයේ දවසක්’ කියන වේදිකා නාට්‍යය දෙකට ඇය රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඒ වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිනමා නිර්මාණයකට සහ ඉසුරු ගුණතිලකගේ ශේෂ නම් සිනමා නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය මිනිසුන් එක්ක ගැවසෙද්දී ගොඩක් මිත්‍රශීලි කෙනෙක් කියලත් උමාලි කියනවා. නමුත් ඇය එතරම් සමාජශීලි කෙනෙක් නෙවෙයි කියලයි උමාලි කියන්නේ.ඒ නිසා ඇය ගොඩක් හුදකලාවට ප්‍රිය කරනවාලු. ඉතින් ඇය ගෙදර හිටියත් තනිවම කාලය ගත කරන්න කැමැති කෙනෙක් කියලයි ඇය කියන්නේ. හැබැයි ඇය ආදරේ කරන ඇයට අවංකවම ආදරේ කරන අය වෙනුවෙන් කාලය අනිවාර්යයෙන්ම වෙන් කරනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ හිතට එකඟව කියන්න තියෙන දෙයක් ඇය ඒ අදාළ පුද්ගලයාට කෙළින් කියන කෙනෙක් කියලයි උමාලි නම් කියන්නේ. ඉතින් ඇය ලැජ්ජාශීලි, සංවේදී කලාකාමී කෙනෙක් නිසා පුළුවන් හැම වෙලාවේම හිතත් එක්ක සංවාද ගොඩ නගන බෞද්ධ දර්ශනය තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය කරන වැඩවලට අවංකය, නීතිගරුකයි වුනත් ඇයගේ ස්වභාවයන් හරි හැටි හඳුනන්නේ නැති අයට ඇයව පෙන්නේ පණ්ඩිත කෙනෙක් විදියට වෙන්නත් පුළුවන් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.