Watapita

Just another WordPress site

දැන් ඉන්න නවකයින්ගෙන් මටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා, මගේ පුතා සංගීතයට වඩා කැමති ක්‍රීඩාවට- උමාරා සිංහවංශ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි උමාරා සිංහවංශ කියලා කියන්නේ. ඉතින් බටහිර ආරයේ සංගීතයත් එක්ක නිරන්තරයෙන්ම නව නිර්මාණ කරන ඇයගේ නැඟණිය වන උමාරියා සිංහවංශත් අපේ සංගීත ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ගායන ශිල්පිනියක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. කොහොම නමුත් උමාරා කියන්නේ ඇය සතු දැනුම මතු පරපුරට තිළිණ කරන්නට වෙර දරන කෙනෙක්. ඉතින් ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික සංගීත සන්නාමයක් බවට පත්වෙමින් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට නව මානයන් හඳුන්වා දුන් ඇය ඇයගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දස්කම් එළිදැක්වීමට One Mic නමින් ප්‍රසංගයක් පසුගිය වසරවල පැවැත්වූවා. ඉතින් මේ වසරේත් එම ප්‍රසංගය පැවැත්වීමට සූදානම් වන ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ ඇයගේ ‘උමාරා මියුසික් ස්ටුඩියෝ ඇකඩමි’ ඇකඩමි එක මඟින් හැම වසරකම සංවිධානය වන One Mic ප්‍රසංගයේ ‘One Mic – phase 3’ හි වැඩ කටයුතු කරගෙන යන ගමන් ඉන්න නිසා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ ප්‍රසංගය මිට වසර දෙකකට පෙර පටන් අරගෙන තියෙන්නේ ‘උමාරා මියුසික් ස්ටුඩියෝ’ සංගීත පාසලේ ඉගෙන ගන්න දරුදැරියන් තුළින් අනාගත ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට සහ ජාත්‍යන්තර තලයේ තරුණ දක්ෂතාවලින් පිරි පරපුරක් බිහි කිරීමේ අරමුණින්.

කොහොම නමුත් ගිය වසරවලට වඩා මෙවර ප්‍රසංගයේ සුවිශේෂිත්වයක් විදිහට ප්‍රසංගයට කලින් Graduation ceremony එකක් පවත්වනවා කියලත් ඇය කියනවා. ඉතින් මුල සිට ඇයගේ ඇකඩමි එක මඟින් ඉගෙන ගත්ත අයගේ convocation එක පවත්වන්න ප්‍රධාන උත්සවයක් තියෙනවාලු. ඒත් එක්කම මෙවර ඇයගේ පාසලේ දැනට සහභාගී වෙලා ඉන්න දරුවන්ගේ Audition Process එකෙන් පස්සේ දරුවන් 15 දෙනෙක් මේ ප්‍රසංගයට ඉදිරිපත් කරනවා කියලයි ඇය නම් කියන්නේ. ඊට අමතරව අපේ රටේ ප්‍රවීණයින් සමඟ මේ වෙද්දී මේ සංගීත ක්ෂේත්‍රයේ නමක් හදන් ඉන්න ඇයගේ ඇකඩමි එක මඟින් ඉගෙන ගත්ත ළමයි වෙනුවෙන් තමයි ‘One Mic – phase 3’ ප්‍රසංගය පවත්වන්නේ.

ඒ වගේම දවසින් දවස සංගීත ක්ෂේත්‍රයට අලුත් අය එකතු වෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන්ම විය යුතු දෙයක් කියලත් ඇය කියනවා. එතකොට තමයිලු ඕනෙම ක්ෂේත්‍රයක පැවැත්මක් තියෙන්නේ. ඒ වගේම නවකයන්ගෙන් ඇයටත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කියලයි උමාරා කියන්නේ. ඒ නිසා ඒ දේවල් එක්ක හැමෝටම ක්ෂේත්‍රයක් විදියට බොහෝ දුරක් යන්න පුළුවන් කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ පෞද්ගලික ජීවිතේ ගැන කතා කරද්දී ඇයගේ පුතා දැන් ඉතාම හොඳින් ඉන්නවා කියලත් ඇය කියනවා. ඒ නිසාම පුතාගේ ඒ දියුණුව දිහා ඔවුන් දෙන්නම සතුටින් බලන් ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය විශ්වාස කරනවාලු පුතාත් සංගීතය එක්ක ඉඳියි කියලා. නමුත් තවම පුතා පොඩි නිසා අනාගතය ගැන ලොකුවට කියන්න බැහැ කියලත් උමාරා කියනවා. කොහොම නමුත් පුතා මේ වෙද්දී නම් සංගීතයට වඩා ක්‍රීඩාව පැත්තට ගොඩක් බරයි කියලයි ඇය නම් කියන්නේ.

ඒ වගේම ඇය උමාරා මියුසික් ස්ටුඩියෝ ඇකඩමි එක තවදුරටත් ඉදිරියට සාර්ථකව කරගෙන ගිහින් අනාගතයේදී අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ලංකාවේ ඉන්න හොඳම ගායක ගායිකාවන් කිහිප දෙනෙක්ම බිහිකරන එක සහ ඇයගේ පෞද්ගලික සංගීත ගමනේ වැඩ කටයුතු ටික සාර්ථකව කරගෙන යන එක ඇයගේ අනාගත බලාපොරොත්තුව කියලයි උමාරා අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *