අපි විවාහ වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා, ඔහු ප්‍රංශ ජාතිකයෙක්, මමත් ගොඩක් ආසයි අම්මා කෙනෙක් වෙන්න-උමාරියා සිංහවංශ
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී ගායන ශිල්පිනියක් තමයි උමාරියා සිංහවංශ කියලා කියන්නේ. ඒ වගේම ඇය ප්‍රේක්‍ෂකයන් අතරට එන්නේ පැතු පෙම් පැතුම් ගීතයෙන්. ඉතින් දැන් ඇය ගීත 200කට වඩා ගායනා කරලා තියෙනවා. ඒ වගේම විවිධ භාෂා ශෛලින්ගෙන් ගී ගැයීමට විශේෂ දක්‍ෂතාවක් ඇති උමාරියා පිළිබඳ ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂකයන්ගේ ආදරයෙන් අවධානයෙන් තව තවත් ඇයව ඇඳ බැඳගත්තේ පසුගියදා වනිතාභිමානී වසරේ ජනප්‍රියතම කාන්තාව ලෙස පිදුම් ලැබීමත් සමඟයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය දැන් කළා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 17 ක් වෙනවා. ඒ වගේම ඇයගේ කලා ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවොත් ඇයට මාර සතුටක් දැනෙනවා කියලත් ඇය කියනවා. මොකද ඇයට එක එක නිර්මාණවලට දායක වෙන්න ලැබිලා තියෙන නිසා. ඉතින් ඇයට විවිධ ගීත කියන්න, අත්හදාබැලීම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම සුබ කාල, අසුබ කාල සියල්ල විඳගෙන තමයිලු ඇය මේ ගමන ආවේ. ඉතින් සුන්දර තැන් වගේම අසුන්දර තැන් වලටත් නොසෑහෙන්න මූණ දෙන්න වුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය ගොඩක් සංවේදී කෙනෙක් කියලයි උමාරියා කියන්නේ. ඉතින් ඇය නිතරම පැත්තකට වෙලා ඉන්න ආස කෙනෙක්ලු. ඒත් එක්කම ඇය කාටවත් කරදරයක් නොවන විඳිහට ජීවත් වෙන්න කැමති කෙනෙක් කියලත් ඇය කියනවා. ඇය වැඩිපුරම ආස ඇයගේ සැමියා සහ ගෙදර අය එක්ක කාලය ගත කරන්නලු. ඉතින් ඇය දැන් ජීවිතේ ගැන ඇත්තටම හරිම සතුටින්ලු ඉන්නේ. මොකද අසීමිත මිනිස් පවුරක් ඇය වටා ඉන්න නිසා. ඒ වගේම ඇයට ලොකු ලොකු දේවල් වැඩක් නැති නිසා ඇයගේ ආදරණීය සැමියා දිමිත්‍රි ඇයගේ ජීවිතේට ආපු දවසේ ඉඳලා ඇය ගොඩක් සතුටින් කියලයි උමාරියා කියන්නේ.
ඒ වගේම ඇය ක්ෂේත්‍රය ඇතුළෙ එක ලෙවල් එකක හිටියට ඇයගේ ජීවිතේ පළමු තැන ඇයගේ සැමියා සහ පවුල කියලත් ඇය කියනවා. ඉතින් ඇයට ඕන ඇයගේ පෞද්ගලික ජීවිතේ සරලව සැහැල්ලුවෙන් ගෙවන්නලු. ඒ වගේම දැන් ඇය සැමියත් එක්ක හරිම සතුටින් ජීවිතේ ගත කරනවා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම ඔහු ඇයගේ වෘත්තියට ලොකු සහයෝගයක් දෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඔහු ඇයගේ ගමන ගොඩක් තේරුම් ගන්න කෙනෙක් වගේම දිමිත්‍රි කියන්නේ ප්‍රංශ ජාතික සංගීත මහාචාර්යවරයෙක්.

ඒ වගේම ඔවුන් දැන් විවාහ වෙලා අවුරුදු 4ක් වෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයත් ආසයිලු දරුවෝ ලබලා සතුටින් ජීවත් වෙන්න. ඇය දරුවන්ට ගොඩක් ආස නිසා දරුවොත් එක්කම ඉන්න අම්මා කෙනෙක් වෙන්න ආසයිලු. ඉතින් සාමාන්‍ය ගැහැනියකට තියෙන බලාපොරොත්තු ඇයටත් තියෙන නිසා ඒවා ඒ ඒ කාලය අනුව ඉටු වේවි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.