දෙවෙනි ඉනිමේ පරණ ලිහිණිගේ රූපයට හුරුවෙලා ඉන්න අයට තවම මාව හුරු නැහැ-නවක සුරූපී නිලි උපේඛා රවිහාරි
අපේ කළා ක්ෂේත්‍රයට එකතු වුනු දක්ෂ සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි උපේඛා රවිහාරි රණසිංහ කියලා කියන්නේ. ඒ වගේම 2021 ටීවී දෙරණ අවුරුදු කුමරිය තරගයේ තුන්වැනි ස්ථානය දිනාගැනීමට වාසනාවන්ත වුනේද ඇයයි. කොහොම නමුත් වසර ගණනවක් තිස්සේ දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ලිහිණිගේ චරිතයට පණ පෙවූ රංගන ශිල්පිනිය හදිසියේ ඉවත්වීම නිසා ඒ චරිතයට රංගනයෙන් දායක වීමේ අභියෝගය බාරගත්තේ නවක රංගන ශිල්පිනියක වන උපේඛායි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ලිහිණිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර අතර පොසිටිව් නෙගටිව් කමෙන්ට් දෙකම තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම පරණ ලිහිණිට ආදරේ කරන පිරිස තාමත් ඇයව පිළිගන්න සූදානම් නැහැ කියලත් උපේඛා කියනවා. ඉතින් සමහරු ඇයට බැණලත් තිබුණාලු. ඒ නිසා මුලින් මුලින් ඇය ඒ කමෙන්ට් බැලුවට පස්සෙ බලන්නේ නැතුව හිටියා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේක ලංකාව නිසා සමහරුන්ට බණිනවා වගේම සමහරුන්ට හොඳ කියන දෙගොල්ලක් හිටියේ නැත්නම් සමතුලිතතාවක් නෑනේ කියලත් ඇය කියනවා.

ඉතින් ලිහිණි කියන්නේ දෙවෙනි ඉනිම පුරාම දුවන චරිතයක් වගේම ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබපු චරිතයක් නිසා ප්‍රේක්ෂකයන් හුරුවෙලා හිටියේ පරණ ලිහිණිගෙ රූපෙට වගේම රංගනයට කියලයි ඇය කියන්නේ. ඒ නිසාම හදිසියේම වුණු මේ වෙනස ඔවුන්ටත් ගැටලුවක් වෙන්න ඇති කියලත් ඇය කියනවා. ඉතින් මේක ඇයගේ පළමු රංගන අත්දැකීම නිසා ඇය තාමත් උත්සාහ කරනවාලු ලිහිණිගේ චරිතය හොඳින් කරන්න.

ඒ වගේම ඇය දෙවෙනි ඉනිමේ හැමදාම ඇය ඉන්න ටික නැවත නැවත බලද්දී ඇයට හිතෙනවාලු ඇයට තව හොඳට රඟපාන්න පුළුවන් කියලා. ඉතින් ඊළඟ දවසේ ෂූටින්වලදී ඇය තවත් උත්සාහ කරලා උපරිමයෙන් කරනවාලු. ඒ වගේම ඇය ගොඩක් උත්සාහ කළාලු ලිහිණිට සාධාරණයක් කරන්න වගේම තවමත් උත්සාහ කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.