Watapita

Just another WordPress site

දේශපාලනයෙන් වගේම නොගැලපෙන විවාහයන් දෙකක් නිසා මගේ ජීවිතේ නාස්ති වුණා, නමුත් මට රත්තරන් දුවක් ඉන්නවා-උපේක්ෂා ස්වර්ණමාලි

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන දිව්‍යාදරී ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නර්ථන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ. ඒ වගේම ඇය පබා, අහස්මාලිගා, ආත්මා, ස්නේහා, මායා, පානාමංකඩ වැනි කලා නිර්මාණ රැසකට රංගන දායකත්වය ලබාදීලා තිබෙනවා. ඉතින් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය දැන් දියණියත් සමඟ ගෙවන හැම මොහොතක්ම හරිම ආදරණීයයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම දුවගේ හිනාව තරම් සුන්දර දෙයක් ඇයට මේ ලෝකේ තව දකින්න නැහැ කියලත් ඇය කියනවා. ඉතින් දැන් දුවගේ වයස අවුරුදු හයක් නිසා එයා හැමදේම ගැන ගවේෂණය කරලා බලන්න කැමැති කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය චරිතයක් තෝරාගැනීමේදී සිනමාවද, පුංචි තිරයද කියලා විශේෂත්වයක් නැහැ කියලත් උපේක්ෂා කියනවා. ඉතින් ඇය දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 18ක් විතර වෙනවාලු.

ඒ වගේම ඇය දැන් ආධුනික කෙනෙක් නොවෙන නිසා ඒ වටිනාකම එහෙමම රඳවාගෙන, ඇයගේ හැකියාවේ වටිනාකම සහ මූල්‍යමය පැත්තෙන් පවා වටිනාකමක් ලැබෙන, අපට නිසි ගරුත්වයක් ලබාදෙන නිර්මාණ තමයිලු ඇය තෝරගන්නේ. නමුත් එහෙම නිසි වටිනාකමක්, ගරුත්වයක් ලබා නොදෙන නිර්මාණ සඳහා ගොඩක් ආරාධනා ලැබෙනවා වුනත් එවැනි නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා කියලත් උපේක්ෂා කියනවා. ඒ වගේම පබා නාට්‍යයෙන් පසුව ඇයට මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්න බැරිවුනේ දේශපාලනයට සම්බන්ධ වූ නිසා කියලයි ඇය කියන්නේ. නමුත් දේශපාලනයෙන් ඈත් වුනාට පස්සේ නිර්මාණ කිහිපයකටම සහභාගි වුණාලු. ඇය ආත්මා, ස්නේහා, අහස් මාලිගා වැනි මෙගා නාට්‍යවලට සහභාගි වෙලා තිබෙනවා. ඒත් එක්කම මේ දිනවල විකාශය වන දිව්‍යාදරී නාට්‍යයත් මෙගා නාට්‍යයක් නිසා ඇය මෙගා නාට්‍යවලට ගොඩක් කැමැති කෙනෙක් කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ ජීවිතයේ සිදුවූ ඇතැම් පසුබෑම් නිසා ජීවිතේ නාස්ති වුණා නේද කියන දුක ඇයට තිබෙනවාලු. ඇය පිටරටක ඉපදිලා මෙහෙට ඇවිත් ඇයගේ අධ්‍යාපන කටයුතු අතරමඟ නැවතිලා කලා ක්ෂේත්‍රයේ වැඩ පිළිවෙළට කර ගන්නට නොහැකිවීම සහ නුසුදුසු විවාහ දෙකක්ම සිදුවීම වැනි දේවල් කල්පනා කරනකොට අපරාදේ කියන හැඟීමක් තිබෙනවා කියලයි ඇය කියන්නේ. නමුත් ඇයගේ කිතුනු දහමේ ආශීර්වාදය ඇයට ලැබෙන නිසා ලොකු පසුතැවීමක් නැහැ කියලත් උපේක්ෂා කියනවා. ඒ නිසා ඇයට ලැබිලා තිබෙන දේවල් ගැන ඇය සතුටු වෙනවාලු. මොකද ඇයට රත්තරං දරු පැටියෙක් ඉන්න නිසා. ඒ දේවල් නිසා ඇයට ලැබුණ දේවල් ගැන නිහතමානී සතුටක් තිබෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *