Watapita

Just another WordPress site

මම සංගීත ගමන පටන් ගත්තේ අවුරුදු 8න්, කෙටි කාලයකින් අහලා එපා වෙන ගීත කරන්න මම කැමති නැහැ-උරේෂා රවිහාරි

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි උරේෂා රවිහාරි කියලා කියන්නේ. ඒ වගේම ඇය කාලෙකින් ඇයගේම ගීතයක් නිර්මාණය කරලා තිබෙනවා. එය වෙනස්ම නිර්මාණයක්. ඉතින් පසුගිය 15 වැනිදා එළිදැක්වුණු මේ ගීතය ගැන සේම ඇයගේ අලුත් නිර්මාණ ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් නිතරම සිනමාව හෝ පුංචි තිරය වෙනුවෙන් ගීත පටිගත කිරීම් සිදුවෙන නිසා ඇය මේ වෙද්දී බොහෝ නිර්මාණ කරලා තියෙනවා කියලයි උරේෂා කියන්නේ. නමුත් ඇයගේම කියලා ඇය මෙතෙක් මියුසික් වීඩියෝස් කරලා තියෙන්නේ හරිම අඩුවෙන් කියලත් ඇය කියනවා. ඉතින් ඒ නිර්මාණ අතරත් මේක තමයිලු ඇය ගොඩක් මහන්සි වෙලා දැවැන්ත විදියට කළ පළමු නිර්මාණය.

ඉතින් ඇයගේ මේ අලුත්ම ගීතයේ නම තමයි ‘ඔබ කොතනද’ කියලා කියන්නේ. ඒ වගේම මේ ගීතය ලියලා තියෙන්නේ ඩිලාන් ගමගේ. ඒත් එක්කම සංගීතවත් කරලා තියෙන්නේ උදාර සමරවීර. ඉතින් ඇය ආදර ගීත මේ වෙද්දී බොහොමයක් ගායනා කරලා තියෙන නිසා ටිකක් වෙනස් විදියේ ගීතයක් කරන්න අවශ්‍ය වුණා කියලත් උරේෂා කියනවා.

ඒ වගේම සිනමා පසුබිම් ගායිකාවක් විදියට ජනප්‍රිය ඇය මේ වෙද්දී ගායනා කළ නිරමාණ අතර සිනමාපට 20කට වැඩි සංඛ්‍යාවක් එන්න තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ අතරින් ළඟදීම චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ යුගාත්‍රා සහ සිහින අනන්තේ කියන චිත්‍රපට දෙක තිරගත වෙයි කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවක් නිසාම තමයිලු ඇයගේම කියන ගීත වැඩිපුර නිර්මාණය නොවුණෙත්. කොහොම වුණත් ඇයට අවශ්‍ය විදියේ නිර්මාණ චිත්‍රපට ගීත විදියට ගායනා කරලා තියෙනවා.

ඒ වගේම ඇය අවුරුදු 8න් තමයි මේ සංගීත ගමන පටන් අරගෙන තියෙන්නේ. ඉතින් එදා ඉඳන් සෑහෙන කාලයක් සංගීත ජීවිතේ ඇය දැන් ඇවිත් තියෙනවා. ඒ වගේම ඇය එක තැන පල්වෙන්න කැමති කෙනෙක් නෙවෙයි කියලත් උරේෂා කියනවා. ඒ නිසාම විවිධ විදියේ නිර්මාණවලින් ඇය ඇයගේ ප්‍රේක්ෂකයන් අතරට එන්න කැමති කෙනෙක්. ඉතින් කෙටි කාලයකින් අහලා එපා වෙන නිර්මාණ කරන්න ඇය ආස නැහැලු. මොකද ඇය හිමින් ගමනක් ආව කෙනෙක් නිසා ඒ ගමන ඇය ඒ විදියටම ඉස්සරහට යනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *