Watapita

Just another WordPress site

මගේ පියා කළා ක්ෂේත්‍රයේ වෙලත් මේ තැනට එන්න මම ලොකු කට්ටක් කෑවා, මගේ ආසම ගායිකාව කාංචනා අනුරධි-උරේෂා රවිහාරි

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී ගායන ශිල්පිනියක් තමයි උරේෂා රවිහාරි කියලා කියන්නේ. ඒ වගේම ඇය මෑතක ගායනා කළ ‘කොයි දේසේ’ ගීතය අපේ රටේ බොහෝ සේ ජනප්‍රිය වුණා. එමෙන්ම ඇයගේ වෙනස් ආරක අරාබි ශෛලියේ ගීතයක් වන ‘සිහිනෙක සේයා’ ගීතයත් මේ දිනවල අතිශය ජනප්‍රියයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි කියලයි ඇය කියන්නේ. මොකද දැන් දැන් නැවතත් ප්‍රසංග වැඩිපුර පැවැත්වෙන නිසා. ඒ වගේම ඇයගේ මෑත කාලයේ අලුතින්ම නිකුත් වුන ‘සිහිනෙක සේයා’ ගීතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ කාලයේ රියැලිටි වැඩසටහන් තිබුණේ නැති වුනත් දැන් අයට දක්ෂතා පෙන්වන්න ඒ වැඩසටහන් ඉතාම වටිනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය ගොඩක් මහන්සි වෙලා නිර්මාණ කරලා ඒවා ජනගත කරන්න කැපවෙලා තමයිලු අද මේ තත්ත්වයේ ඉන්නේ. ඒ වගේම ඇයගේ පියා කලා ක්ෂේත්‍රයේ වුණත් ඇයට හරි අපහසු වුණාලු අද මේ ඉන්න තැනට එන්න.

ඉතින් දැන් ලංකාවේ විවිධ නාළිකාවලින් කරන රියැලිටි වැඩසටහන් නිසා ලංකාවේ පමණක් නෙවේ ජාත්‍යන්තරයට පවා විවෘත වෙන්න අවස්ථාව ලැබිල තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම මේ පුංචි රටේ ඉන්න දක්ෂයන්ට ඒක හොඳ අවස්ථාවක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ අයට තමන්ගේ දක්ෂතාව විතරක් නෙමේ ජනප්‍රියතාව හැමදාම රැකගෙන පවත්වගෙන යන්න කියලා තමයි ඇය කියන්නේ.

ඒ වගේම රියැලිටි වැඩසටහන් වලින් බිහිවුණු ගොඩක් දක්ෂ ශිල්පීන්, ශිල්පිනියන් ඉන්නවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ අතරින් නව පරපුරේ ඉන්න කාංචනා අනුරාධිට ඇය ගොඩක් කැමැතියිලු. ඒ වගේම දිනේශ් ගමගේ ගේ නිර්මාණවලට වගේම සුපුන් පෙරේරාටත් ගොඩක් කැමැතියි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *