ඇස් පේන කෙනෙක් අන්ධ චරිතයක් රඟපාන එක ලේසි නැහැ, මේ සම්මානය ඇස් නොපෙනෙන හැමෝටම උපහාරයක්-වොල්ගා කල්පනී
මාණික්කාවත කියලා කියන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැලඳගත් ටෙලි නිර්මාණයක්. ඉතින් මේ මාණික්කාවතේ ගුණාදරී කියන්නේ ප්‍රේක්ෂක හදවතේ හැමදාටම රැඳී තිබෙන චරිතයක් බව නම් නොඅනුමානයි. කොහොම නමුත් අන්ධ චරිතයකට පණ පෙවීම ඉතාම අසීරු කටයුත්තක් වුනත් මාණික්කාවත නවකතාවෙන් පාඨකයන්ගේ සිතේ වැඩුණු ගුණාදරීව ටෙලි නාට්‍යයෙන් ඉස්මතු කිරීමින් එම චරිතයට පණ දුන් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය තමයි වොල්ගා කල්පනී කියලා කියන්නේ.
ඒත් එක්කම එම අභියෝගයට උපරිම සාධාරණයක් ඉටු කරමින් ගුණාදරී නම් අන්ධ කාන්තාවගේ චරිතයට පණ පෙවූ ඇය මෙවර රයිගම් සම්මාන උළෙලේ දක්ෂතම ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් සම්මානය ලැබුණු මොහොතේ දැනුන සතුට වචනවලට පෙරළන්න තේරෙන්නේ නැහැ වගේම ඒ හැඟීම විස්තර කරන්න වචන නැහැ කියලයි වොල්ගා කියන්නේ.

ඒ වගේම ඇස් පේන කෙනෙක් අන්ධ චරිතයක් රඟපාන එක අසීරු දෙයක් කියලත් ඇය කියනවා. විශේෂයෙන්ම ඇය සුගත් මහතාව සහ ඔහුගේ බිරියවත් මතක් කරනවා. මොකද ඔවුන් දෙදෙනාටම ඇස් පෙන්නේ නැති නිසා ඇය එයාලගේ ගෙදර ගිහින් ඉඳලා එයාලගේ අත්දැකීම් බෙදා ගෙන තියෙනවා. ඒ වගේම සුදත් රෝහණ අධ්‍යක්ෂතුමා ඇතුළු කැමරා ශිල්පීන්, රංගන ශිල්පීන් සියලු දෙනාගේ සහයෝගය ඇයට ලැබුණා කියලත් ඇය කියනවා. ඉතින් ඇයට තිබුණු ලොකුම අභියෝගය තමයිලු ඇස් පේන්නේ නැති කෙනෙක් විධියට ඉන්න එක. නමුත් ඒ හැඟීමට ඇය ටික ටික හුරු වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය සම්මානය අතට ගත්ත වේලාවෙත් කිව්වේ ඇස් පේන්නේ නැති හැමෝටම මේ සම්මානය උපහාරයක් වෙන්න ඕන කියලයි.

ඒත් එක්කම ක්ෂේත්‍රය තුළ සම්මානයට පාත්‍රවීම වෘත්තීය ජීවිතයට පිටිවහලක් පිටිවහලක් වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් කලාකරුවන් රඟපාන්නේ සම්මාන බලාගෙන නෙවෙයි වුනත් සම්මානයක් කියන්නේ ජීවිතේට ලොකු හයියක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම උමාලි තිලකරත්න කියන්නේ හොඳම නිළියට හිමි සම්මානය කිහිප වතාවක්ම දිනාගත් කෙනෙක් නිසා ඇයත් සමඟ එකම වේදිකාවක හිටගන්න ලැබීම ලොකු සතුටක් කියලත් වොල්ගා කියනවා.
ඒ වගේම ඇය දකින විධියට නීත්‍යනුකූල, විවාහ වෙන්නේ දේපළ බෙදාගන්න සහ මිය ගියහම මිනියේ අයිතිය ගන්නලු. ඉතින් ආදරේ කියන එක එහෙම සීමා කරන්න හොඳ නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම නීත්‍යනුකූලව විවාහ වෙන එක හොඳයි වුනත් ආදරේ කියන්නේ කොටුකරගෙන අල්ලගෙන තබාගන්න ඕන දෙයක් නෙවෙයි කියලත් ඇය කියනවා. ඉතින් ඒක විශ්වාසය මත රැඳෙන දෙයක් නිසා කොන්දේසි විරහිතව ආදරේ කරන්න පුළුවන් නම් විවාහය කියන දේ කොළේක තිබුණත් එකයි නැතත් එකයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.