අපිට ලැබෙන්න දෙයක් තියනවානම් ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා, ඉතින් කලාව ගැනනම් මම තෘප්තිමත්- වොල්ගා කල්පනී
මෙවර දහ නවවැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේදී 2022 වසරේ හොඳම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය දිනා ගැනීමට වාසනාවන්ත වුනේ දෑස් නොපෙනෙන නමුත් ගුණ සුවඳ පිරි ගුණාදරී ලෙසින් මාණික්කාවත ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි වොල්ගා කල්පනීයි. ඉතින් ඇයට හොඳම නිළියට හිමි සම්මානය හිමිවීම ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් රයිගම් සම්මාන උළෙලේදී හොඳම නිළිය හැටියට නිර්දේශ වීමම ජයග්‍රහණයක් කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම ඇය වගේම මාණික්කාවත ටෙලි නාට්‍යය සඳහා රංගනයෙන් දායක වුණු උමා අසෙනිත් මේ සම්මානයට නිර්දේශ වෙලා තිබුන නිසා ඇය වගේම උමා අසේනිත් මාණික්කාවත වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා කියලත් ඇය කියනවා. ඉතින් සම්මානය කාට ලැබුණත් ඒ ජයග්‍රහණය ලැබෙන්නේ මාණික්කාවත වෙනුවෙන් කියලයි වොල්ගා නම් කියන්නේ. කොහොම වුණත් මාණික්කාවතේ ගුණාදරීට ප්‍රේක්ෂකයන් දැඩිව ආදරය කරලා තිබුණා වගේම ඒ ආදරය අදටත් වෙනස් වෙලා නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ගුණාදරී ඇයගේ ජීවිතය වෙනස් කළා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම දෑස් පෙනෙන චරිතයක් රඟපානවාට වඩා දෑස් නොපෙනෙන චරිතයකට පණ දීම හිතනවට වඩා දුෂ්කර කාරණාවක්. ඉතින් ගුණාදරීගේ තරුණ කාලය වගේම මැදි වයස හැඩ වුණේත් වොල්ගාගේම රංගනයෙන් වීමත් සුවිශේෂී කාරණාවක්. ඒ වගේම ඇස් පේන මිනිස්සුන්ට වඩා ඇස් නොපෙනෙන මිනිසුන්ට හැම දෙයක්ම දැනෙනවා වැඩියි කියලා ඇය තේරුම් ගත්තේ ගුණාදරීගේ චරිතය නිසා කියලත් ඇය කියනවා.
ඒ වගේම මාණික්කාවත කියලා කියන්නේ අපේ රටේ මහ පොළොවත් එක්ක ජීවත් වෙන මිනිසුන්ගේ කතාවක්. ඉතින් මේක ගහකොළට සතා සිවුපාවන්ට ඇළ දොළට ආදරය කරන මිනිසුන්ගේ කතාවක් නිසා ඒ නිර්මාණය වෙනුවෙන් වගේම නිර්මාණයට පණ දුන් රංගන ශිල්පීන් ශිල්පීනුත් විවිධ සම්මාන උළෙලවල්වලදී ඇගයීමට ලක් වුණා වගේම රයිගම් ටෙලි සම්මාන උළෙලේදීත් මේ නිර්මාණය වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටුවුණා කියලයි වොල්ගා නම් කියන්නේ.

ඒ වගේම ඇය ජීවිතයේ දැකපු බොහෝ හීන හැබෑ වුණාලු. ඒ නිසාම දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒක අපිට අනිවාර්‌යෙන්ම ලැබෙනවා කියලා ඇය විශ්වාස කරනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසාම කලාවට සම්බන්ධ වීම ගැන සහ රංගන ශිල්පිනියක් වීම ගැන ඇයට ජීවිතේ කිසිම අවස්ථාවක කලකිරීමක් පසුතැවීමක් ඇති වෙලා නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇය කලාවට දැඩි ලෙස ආදරය කරනවා වගේම ඇයගේ වෘත්තියට හැමදාම ගරු කරනවාලු. ඒ නිසාම කලාව ගැන ඇය බොහොම තෘප්තිමත් කියලයි වොල්ගා අවසාන වශයෙන් පවසලා තිබුනේ.