Watapita

Just another WordPress site

මට තිබුණු ලොකුම හීනයක් මගේ නමට හොඳම කියන කැටගරි එක එන එක, බොලඳ පෙම්වතියක් වෙන්න මම කැමති නැහැ-වොල්ගා කල්පනී

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘වැකේෂන්’ ටෙලිනාට්‍ය හරහා වගේම ‘පාර දිගේ’ ටෙලි නාට්‍යයේ ටුටූගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නේ. ඒ වගේම මෙවර රයිගම් සම්මාන උලෙළේ දී හොඳම නිළියන් දෙපළක් සම්මානිත වූණා. ඉතින් ඒ මාණික්කාවතේ ගුණාදරි ලෙස රඟපෑ අපි මේ කතා කරන වොල්ගා කල්පනී සහ පිතෘ හි ගෞරි ලෙස රඟපෑ උමාලි තිලකරත්න. ඉතින් මේ ලැබූ ජයග්‍රහණය ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් වොල්ගාව කතා බහට එකතු කරගෙන තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය හොඳම නිළියට නිර්දේශ වූ පළමු අවස්ථාව මෙය නිසා සම්මානය ලැබීම ගැන වගේම ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න අමාරුයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට හීනයක් තිබ්බාලු කවදා හරි ඇයගේ නමට හොඳම කියන කැටගරි එක එන්න ඕනේ කියලා. ඉතින් ඇය මේ කලාවට අහම්බෙන් නෙවෙයි නිසා හරි කැමැත්තෙන් වැඩමුළුවලට ගිහින් හරි ආදරෙන් කරපු දෙයක් කියලත් ඇය කියනවා. ඉතින් ඒ දැනිච්ච හැඟීම වචනවලට පෙරළන්න ඇත්තටම තේරෙන්නේ නැහැ කියලයි ඇය කියන්නේ.

ඒ වගේම උමාලි තිලකරත්න කියන්නේ සෑහෙන්න සම්මාන ගත්ත කෙනෙක් නිසා මෙවැනි විදියට සම සම්මාන උමාලිත් එක්ක එකම වේදිකාවක සම්මාන ලැබීම ඇයට ලොකු ආඩම්බරයක් වගේම සතුටට කරුණක් කියලත් වොල්ගා කියනවා. ඒ වගේම ඇයට මේ සම්මානය ලැබුණාම ක්ෂේත්‍රයේ ප්‍රවීණ අය කතා කරලා ඇයට කිවුවේ ‘ඔයා ඉතින් වැඩ ගොඩක් කරලත් නැහැ, කරන වැඩේ තුළත් හදිසියක් තිබ්බේ නැහැනේ’ කියන එකලු. ඉතින් ඇය මේ වෙනකම් වැඩ ගොඩක් කරලා නැහැ වගේම ඇයට කවදාවත් හදිසියක් තිබ්බෙත් නැහැ කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ඇය තිරයේ බොළඳ පෙම්වතිය වෙන්න අකැමැති කෙනෙක් කියලත් වොල්ගා කියනවා. ඒ නිසාම ඇය කොහොමත් භාර ගන්නේ ඇයට දැනෙන චරිතලු. ඒ වගේම ඇය මෙතෙක් කරපු හැම නිර්මාණයකටම ගොඩක් ආදරේ කරනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇය නිර්මාණ ගැන විතරක් නෙවෙයි ඇයගේ ජීවිතේ ගොඩක් දේවල් ගැන හරිම තෘප්තිමත් කියලයි වොල්ගා නම් කියන්නේ. ඒ වගේම ඒ දේවල් ඇයට හරි ගියාද වැරදුණාද කියන එක නෙවෙයි, ඒ හැම දෙයක්ම ඇයගේ ජීවිතේට එකතු වුණු අත්දැකීම් සහ ලබපු අත්දැකීම් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *