Watapita

Just another WordPress site

නීත්‍යානුකූල විවාහය කියන්නේ දේපල බෙදාගන්න තියෙන කොලයක් විතරයි, ඉතින් මම දැන් ඇත්ත ආදරේ විදිනවා-වොල්ගා කල්පනී

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ ටුටූගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නේ. ඒ වගේම පසුගියදා නිමා වුණ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගන්නට මාණික්කාවත ටෙලි නාට්‍යයේ ගුණාදරීට ජීවය දුන්න ඇයට හැකියාව ලැබුණා. ඉතින් ජීවිතයේ විවිධ හැලහැප්පීම් මැදින් සාර්ථක ගමනක් යන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ සම්මානය ලැබෙන්න කලින් වොල්ගාව පුදුමාකාර තැනකට ගෙනාපු කෙනෙක් තමයි ගුණාදරී කියන්නෙ කියලා ඇය කියනවා. ඒ වගේම රයිගම් සම්මාන රාත්‍රිය ගැන කතාකළොත් ඒක ඇත්තටම ඇයගේ ජීවිතයේ අමතක කරන්න බැරි මොහොතක් වගේම වචන වලින් විස්තර කරන්න අමාරු දෙයක් කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම මාණික්කාවත මෙතෙක් බිහි වුණ දැවැන්තම ටෙලි නාට්‍ය හැටියට හඳුන්වන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඒ දැවැන්ත නිර්මාණයට දායක වෙන්න ලැබීම ඇයගේ භාග්‍යයක් හැටියටයිලු ඇය සළකන්නෙ.

ඒ වගේම ඇය ක්ෂේත්‍රයට පැමිණි දවසේ පටන්ම කිව්ව එක දෙයක් තමයි ඇයගේ නමට ඉදිරියෙන් හොඳම කියන විශේෂණය දාගන්න එක ඇයගේ ලොකු ඉලක්කයක් කියල. ඉතින් ආපස්සට හැරිල බලල ඇය ඇයගේ ජීවිතය ගැන කවදාවත් දුක් වුණේ නැහැ වගේම ඇය හැම දෙයක්ම සතුටින් භාරගන්න කැමති කෙනෙක් කියලයි වොල්ගා නම් කියන්නේ.

ඒ වගේම ඇය කරපු හැම චරිතයකටම ඇය ගොඩක් ආදරය කරනවා කියලත් වොල්ගා කියනවා. ඉතින් ඒ අතර ගුණාදරීට විශේෂයක් තිබුණා කියලයි ඇය කියන්නේ. මොකද ඇයගේ ඇස් පේන්නෙ නැති නිසා. ඒ වගේම ඇස් නොපෙනෙන කෙනෙකුට දැනෙනව වැඩියි කියලත් ඇය කියනවා. ඒ වගේම මේ සමාජයේ වෙසෙන දෑස් අඳ සියළුම දෙනාට මේ සම්මානය උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ආදරය කියන්නෙ මොකක්ද කියන එක මේ වන විට ඇය හරියටම තේරුම් අරගෙන තියෙනවා කියලත් වොල්ගා කියනවා. ඉතින් එතනදි ඇය දකින්නෙ කොන්දේසි විරහිත ආදරය තමයි හරිම ආදරය කියලා. ඒ වගේම ඇය ආදරය කරන්නෙ හරිම පිරිසිදුව කියලත් ඇය කියනවා.

ඉතින් සමහර මුණගැසීම් ජීවිතය හරි සුන්දර කරන නිසා එවැනි ආදරයකට ආපසු ජීවිතයේ සැනසීම එක්ක සතුටින් නිදාගන්න පුළුවන් තැනට කෙනෙක්ව ගේන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඒ වගේම දැන් එවැනි හමුවීම් එක්ක බොහොම නිස්කලංකව හැමදෙයක් එක්කම ජීවිතේ හරි ලස්සනට ගලාගෙන යනවා කියලත් ඇය කියනවා. ඉතින් නීත්‍යනුකූල විවාහය කියන්නෙ දේපළ බෙදාගැනීමට තියෙන කාරණාවක් වුනත් ආදරේ කියන්නෙ වෙනම දෙයක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *