මගේ තාත්තා සංගීතඥයෙක්, ඒ නිසා ඉදිරියේදී මම රඟපාන ගමන් සිංදු කියන්නත් පටන් ගන්නවා-වගීෂා සල්ගාදු
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන දිවිතුරා සහ රාජිනී කියන ටෙලි නිර්මාණ දෙක හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි වගීෂා සල්ගාදු කියලා කියන්නේ. ඒ වගේම ඇය රංගනයෙන් දායක වුණා ලංවී කියන ටෙලි නිර්මාණය පහුගිය දවසක විකාශනය අවසන් වුණා. ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය දැන් සතියක විතර ඉදන් ඉන්දියාවේ කළා කටයුත්තකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලයි වගීෂා කියන්නේ. ඒ වගේම ඉදිරියේදී ඇයව අලුත් අලුත් දේවල් එක්ක දැකගන්න පුළුවන් වේවි කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇය රංගනයෙන් දායක වුන ළංවී ටෙලි නාට්‍යයේ රසාංගාගේ චරිතය කියන්නේ ප්‍රේප්‍රේක්ෂකයෝ ඇබ්බැහි කරවපු චරිතයක් කියලයි ඇය කියන්නේ. ඉතින් මේ නිර්මාණය ඇයගේ ජීවිතේට විශේෂ වුණු නිර්මාණයක් කියලත් වගීෂා කියනවා. ඒ වගේම ඉරෝන් සහ සාරංගා චරිත තාත්වික විදිහට රඟදක්වනවා කියලා බොහෝ දෙනෙක් කියනවා වගේම සමහරු අහන ප්‍රශ්නයක් තමයිලු ඇයයි සචින් චතුරංගයි සැබෑ ජීවිතේ පෙම්වතුන්ද කියලා. ඉතින් ඔවුන් දෙන්න හොඳම යහළුවන් විතරයි කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය කලාවට පිවිසෙන්නේ ඉස්සෙල්ලාම ළමා නිවේදිකාවක් විදිහටයි. ඉතින් ඇයගේ පාසලේ නාට්‍ය හා රංග කලා ගුරුතුමිය ඉන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය තමයි ඇයගේ හැකියාව අඳුනගෙන වේදිකා නාට්‍ය පැත්තට ඇයව යොමු කරලා තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ රාජ්‍ය නාට්‍ය උළෙල, යෞවන නාට්‍ය උළෙල ආදී නාට්‍ය උලෙළ සඳහා එක්වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් 2015 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම නිළිය සම්මානය ලැබුණෙත් ඇයටයි.

ඒ වගේම ඇයගේ තාත්තා සංගීතඥයෙක්. ඒ නිසා ගෙදරින් පුංචි කාලේ ඉඳලා සංගීතයට ලොකු නැඹුරුවක් තිබුණා කියලත් වගීෂා කියනවා. ඉතින් දැන් ඇයත් සංගීතය පැත්තට යොමු වෙලා ඉන්නවා. ඒත් එක්කම ඉස්සරහට ගීත ගායනයෙන්, ගීත රචනයෙන් වැඩ ටිකක් එන්න තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය දැන් මනෝ විද්‍යාව හදාරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.