වනිදු වින්ද්‍යා එක්ක අවුරුදු 6ක් ආදරේ කරලා තමයි විවාහ වුනේ, ඔහු ක්‍රිකට් ගහන්න ගත්තේ බලෙන්ම වගේ-වනිදුගේ මව
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තමයි වනිදු හසරංග කියලා කියන්නේ. ඉතින් මේ කඩවසම් ක්‍රීඩකයා ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඔහු පහුගිය දවසක සුරූපී තරුණියක් සමඟින් විවාහ වීමත් සමඟයි. ඉතින් ඔහු අත ගත් සුරූපී තරුණිය තමයි වින්ද්‍යා කියලා කියන්නේ. ඉතින් මෙම අපුරු විවාහය ගැන වගේම වනිදු ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් වනිදුගේ ආදරණීය මව වන කන්දේගමගේ සමන්ති මහත්මියව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් හදිසියේ විවාහ වුනත් පුතාගේ විවාහ මංගල්‍යයේ වැඩ ටික හොඳට වුන නිසා හරිම සතුටුයි කියලයි වනිදුගේ මව කියන්නේ. ඒ වගේම වනිදුම තමයිලු වින්ධ්‍යාව හොයාගෙන තියෙන්නේ. ඉතින් ලොකු කාලයක් ඒ දෙන්නා අතර ආදර සම්බන්ධයක් තිබුණා කියලත් වනිදුගේ මව කියනවා. අවුරුදු පහක් හයක් වගේ කාලයක් වගේ ඉඳන් ඒ දෙන්නා යාළුයි කියලයි වනිදුගේ මවනම් කියන්නේ. ඒත් වනිදු ගෙදර අයට නම් කිව්වේ අවුරුදු තුනකට විතර කලින් කියලයි ඇය කියන්නේ.

ඉතින් දවසක් ගෙදර කට්ටිය රෑ කෑමකට දියතට යන්න හිතාගෙන ඉද්දි ඒ යන්න කලින් වනිදු ඇහුවාලු ඔහු ආදරේ කරන ගෑනු ළමයටත් එයාගේ අම්මත් එක්ක එතැනට එන්න කියන්නද කියලා. ඉතින් ඇයත් හා කිව්වාලු. ඊට පස්සේ එදා තමයිලු මුලින්ම ගෙදර අය වින්ධ්‍යාව දැක්කේ. ඒ වගේම එදා වින්ද්‍යා එක්ක ටිකක් කතාබහ කරනකොට ඔවුන්ට තේරුණාලු වනිදු එයාට ගැළපෙනම කෙනා තෝරගෙන තියෙන්නේ කියලා. මොකද එයා හරිම හොඳ ගතිගුණ තියෙන කෙනෙක් නිසා. ඉතින් ඊට පස්සේ ඔවුනුත් වනිදුගේ තීරණයට කැමැති වුණාලු.
ඒ වගේම අම්මා කෙනෙක් විදිහට ඇයට පුතා ගැන ගොඩක් ආඩම්බරයි කියලත් වනිදුගේ මව කියනවා. ඉතින් කොච්චර දක්ෂයෙක් වුණත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එකොළොස් දෙනා අතරට එන්න කීයටවත් ලේසි නැති නිසා අද වෙනකොට ජාතික කණ්ඩායමේ තමන්ගේ තැන හදාගෙන තියෙන නිසා වනිදු ගැන ඇයට ගොඩක් සතුටුයි කියලයි ඇය කියන්නේ. ඉතින් මැච් එකක් වෙලාවට ‘අනේ මේ සෙල්ලම් කරන්නේ මගේ අතේ නැළවුණු මගේ කොල්ලනේ’ කියලා ඇයට හිතෙන වාර අනන්තයි කියලත් වනිදුගේ මව කියනවා.

ඒ වගේම පොඩි කාලේ ඉඳන්ම වනිදුට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඒ කාලේ වනිදුගේ අයියා ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා. ඒ හින්දා වනිදුත් කියන්න ගත්තාලු ‘අම්මේ මටත් අයියා වගේ ක්‍රිකට් ගහන්න ඕනේ’ කියලා. ඒත් ගෙදර අය කැමැති වුණේ නෑ කියලයි වනිදුගේ මාව කියනේ. ඉතින් ඊට පස්සේ වනිදු ‘අයියට විතරද ක්‍රිකට් ගහන්න දෙන්නේ’ කියලා අහලා බලෙන්ම වගේ ක්‍රිකට් ගහන්න ගත්තා කියලයි වනිදුගේ මව අවසාන වශයෙන් පවසලා තිබුනේ.