Watapita

Just another WordPress site

ජනප්‍රිය සුරූපී නිලි වත්සලා දියලගොඩගේ ආදරණීය සිඟිති දියණියගේ 9වන උපන්දිනය පවුලේ හැමෝමත් එක්ක ජයටම සැමරූ හැටි

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ බොහෝ රසික පිරිසක් ආදරය කරන කටකාර දඟකාර සුරූපී රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියලා කියන්නේ. ඉතින් එදා පුංචි තිරයට නැතිවම බැරි වුනු ඒ පුංචි ළමා රංගන ශිල්පිනිය අදනම් ගොඩක් අත්දැකීම් සමඟින් මුහුකුරා ගිය ආදරණීය බිරිඳක් වගේම සෙනෙහෙබර මවක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.

කොහොම නමුත් දැන්නම් අලුත් කළා නිර්මාණ වලින් ප්‍රේක්ෂකයින් හමුවට නාවත් ඇයට තියෙන ප්‍රේක්ෂක ආදරය නම් අදටත් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. ඒ වගේම ඇයගේ නැගණිය වන බුවිණි චාපා දියලගොඩ කියලා කියන්නෙත් අපේ කළා ක්ෂේත්‍රය තුල හිටපු දක්ෂ ජනප්‍රිය මෙන්ම කවුරුත් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක්.

ඒ වගේම වත්සලා දැන් කළා නිර්මාණ තුලින් ප්‍රේක්ෂකයින් හමුවට නාවත් තවම රංගනයෙන් ඈත් වෙලා නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් ඉස්සර කරා වගේ දඟකාර චරිත වෙනුවට වෙනස් චරිත කරන්න කැමතියි කියලත් ඇය පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුණා. ඒ වගේම ඇයගේ ජීවිතේ දැනට ලැබෙන්න ඕන හැමදෙයක්ම ඇයට දෙවියන්ගේ පිහිටෙන් ලැබිලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසා මහා ලොකු බලාපොරොත්තු ඇය ලඟ නැහැ කියලත් වත්සලා කියනවා.

ඒ වගේම මේ රටක් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියගේ ආදරණීය දියණිය හිතිෂිගේ 9වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් පවුලේ හැමෝමත් එක්ක අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියෙනවාත් අපට දැකගන්න ලැබුණා. ඒත් එක්කම මේ සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

ඉතින් මේ අපූරු උපන්දින සාදයේ සුන්දර අවස්ථා මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ දනුෂ්ක සේනාදීර ඡ‍ායාරෑප ශිල්පියා විසිනුයි. ඉතින් මේ විදිහට පහුගිය දවසක 9වන උපන්දිනය සමරපු හිතිෂිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පැතුම් එකතු කරන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *