මම වෘත්තියෙන් ගුරුවරියක්, ඉතින් මගේ මුල්ම රංගනයට ලැබෙන ප්‍රතිචාර මට ගොඩක් වටිනවා-ප්‍රබෝදිනී චන්ද්‍රසේන
මේ දිනවල රිදී තිරය ඔස්සේ ප්‍රදර්ශනය වන ‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටයේ තාරුකාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ සුරූපී මෙන්ම නවක රංගන ශිල්පිනියක් තමයි ප්‍රබෝදිනී චන්ද්‍රසේන කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයට දැන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ මුල්ම රංගනය නිසා ඇයට මේ ලැබෙන ප්‍රතිචාර ගොඩක් වටිනවා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් මේ චිත්‍රපටය ළමයි වෙනුවෙන්ම නිර්මාණය වුණ එකක් විදිහටම ගන්න බෑ කියලයි ඇය කියන්නේ. මොකද මේ චිත්‍රපටය සමාජ පැතිකඩ කිහිපයක්ම නියෝජනය වන නිර්මාණයක් නිසා. ඉතින් එහෙම වයස් කාණ්ඩයකට කොටු කරන්න බැරි වුනත් අපේ රටට කීර්තියක් ගෙන දුන් ක්‍රිකට් ජයග්‍රහණය මූලික කරගෙන ඒ කාලෙට සාපේක්ෂව අපේ රටේ සිදුවුණු අනුවේදනීය සත්‍ය සිදුවීම් පාදක කරගෙන තමයි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම මෙහි එන හැම චරිතයක් පිටිපස්සෙම යම්කිසි කතාවක් තියෙන විදිහට තමයිලු මේක ගොඩනැඟිලා තියෙන්නේ.

ඒ වගේම ඇයට මෙම චිත්‍රපටය තුල රංගනයෙන් දායක වෙන්න ලැබිලා තියෙන්නේ ඉගෙන ගන්න ළමයකුගේ චරිතයක්ලු. ඉතින් එයා පවුලේ එකම ළමයා නිසා ආදර සම්බන්ධතාවක් හේතුවෙන් එයා එක තැනකදි ගන්න තීරණයත් එක්ක වන හැළහැප්පීම් එක්ක තමයි ඇයගේ මේ චරිතය ගොඩනැඟිලා තියෙන්නේ. ඒ වගේම මේක ඇයගේ මුල්ම රංගනය වුණාට ඇයට ලොකු වෙනසක් දැනුණෙ නෑ කියලයි ඇය කියන්නේ. මොකද ඇය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දි ස්ක්‍රීන් ඇක්ටින් කරළා තියෙන නිසා බයක් දැනුණෙ නෑ කියලත් ඇය කියනවා. ඒ වගේම ගොඩක්ම තිබුණෙ රාත්‍රී දර්ශන වුනත් මේක ඇයගේ පළමු නිර්මාණය වුණ නිසා මේ සියල්ලම ඇයට අත්දැකීමක් වුණා කියලයි ඇය නම් කියන්නේ.

ඒ වගේම ඇය වෘත්තියෙන් රජයේ පාසලක නාට්‍ය හා රංග කලා විෂය උගන්වනවා. ඒක ඇයගේ මුල්ම ගුරු පත්වීමලු. කොහොම නමුත් ඇය යද්දි ඒ පාසලේ නාට්‍ය හා රංග කලා විෂය තිබුණෙ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය ගියාට පස්සෙ තමයිලු පාසලේ ඒ විෂය උගන්නන්න පටන් ගත්තේ. ඒ වගේම ඉදිරියේදීත් රංගනයයි වෘත්තියයි දෙකම සමබරව කරගෙන යන්න හිතාගෙන ඉන්න නිසා හොඳ චරිතයක් ලැබුණොත් ඉදිරියේදිත් රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.