මම මුලින්ම රඟපාද්දී මට අවුරුදු 5යි, මගේ තාත්තා නිසයි මමත් කළා කරුවෙක් වුනේ-ජනප්‍රිය කඩවසම් නළු විශ්ව කොඩිකාර
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කියා දෙන්න ආදරේ තරම්, ගගන පියවර සහ අයිස් කියන ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර කියලා කියන්නේ. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහු මහනුවර කෙනෙක් නිසා ඔහුගේ පදිංචිය වෙනස් කරන්න ඔහු කැමති වුණේ නැහැ කියලයි විශ්ව කියන්නේ.

ඒ වගේම ඔහු නුවරට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලත් ඔහු කියනවා. ඉතින් ඕනෑම කෙනෙක් නුවර සුන්දරත්වයට, ඒ පරිසරයට, නිස්කලංක වටපිටාවට හරිම ආසයි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම මේ වෙද්දි ඔහුයි ඔහුගේ බිරිඳගේ නුගේගොඩ තියෙන මහගෙදර පදිංචිවෙලා ඉන්නවාලු. කොහොම නමුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුවෙන්නෙ කොළඹ නිසා ඉදිරියේදි කොළඹ අවටම ගෙයක් හදන්න සූදානමින් ඉන්නවා කියලත් ඔහු කියනවා. හැබැයි ඔහු තාමත් නුවරට ආදරෙයි කියලයි විශ්ව කියන්නේ. ඉතින් කලාකරුවෙක් හැටියට ඒ නිස්කලංක බවට, ඒ පරිසරයට, ඒ හුස්ම පොදට අදටත් හරි ආදරෙයි කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහු කලාකරුවෙක් වෙන්නෙ ඔහුගේ පියා නිසා කියලයි ඔහු කියන්නේ. මොකද ඔහුත් හිටපු රංගන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්. හැබැයි කවදාවත් ඔහුගේ තාත්තා ඔහුට මේ ක්ෂේත්‍රයට එන්න බල කළේ නැහැ කියලත් විශ්ව කියනවා. ‘ඔයාට කැමති දේ ඔයා කරන්න’ කියලා තාත්තා ඔහුට උපරිම නිදහස දීලලු තිබුණෙ.

ඒ වගේම පුංචි කාලේ ඔහු ‘නොහඬන් ළඳුනේ’ කියන චිත්‍රපටයේ රන්ජන් රාමනායකගේ ළමා කාලයට රංගනයෙන් දායක වුණා කියලයි ඔහු කියන්නේ. ඉතින් වීණා ජයකොඩි මහත්මිය තමයි ඒ චිත්‍රපටයේ ඔහුගේ අම්මා විදිහට රඟපාලා තියෙන්නේ. එතකොට ඔහුට අවුරුදු පහක් විතර ඇති කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.