මම මුලින්ම ක්ෂේත්‍රයට ආවෙ හඬකැවීම් ශිල්පියෙක් විදිහට, මම කැමතිම අභියෝග භාර ගෙන රඟපාන්න-යශ් වීරසිංහ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ දෙවැනි, එහෙමත් නැත්තම් රෙදිමෝල වත්තේ අනාගේ චරිතය හරහා වගේම දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන අපි එක රැහේ ටෙලිනාට්‍යය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සචිත්‍ර යශ්මින්ද වීරසිංහ කියලා කියන්නේ. ඒ වගේම ඔහු දක්ෂ හඬ කැවීම් ශිල්පියෙක් විදිහටත් ඉතාම ජනප්‍රියයි. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු මුලින්ම කලා ක්ෂේත්‍රයට ප්‍රවේශ වුණේ හඬ කැවීම් ශිල්පියෙක් හැටියට 2015 වසරේදී කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහුගේ කලා ජීවිතය ආරම්භ කරන්න ශක්තියක් වුණේ ඔහුගේ ලොකු අම්මා වන ගීතා කාන්ති ජයකොඩි කියලත් යශ් කියනවා. ඉතින් ඇය තමයිලු හඬ පරීක්ෂණ සහ තිර පරීක්ෂණවලට ඔහුව යොමු කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ හඬකැවීම්වලට සහ සුළු චරිතවලට සහභාගි වෙලා අත්දැකීම් ලබාගෙන අද වෙද්දි ඔහු යම් ගමනක් ඇවිල්ලා තියෙනවා.
ඒ වගේම කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය නරඹන අය ගොඩක් ඔහුට දිගැසි සෙට් වුණා නම් හොඳයි කියලා කියනවාලු. ඉතින් ඉදිරියේදී අනා දිගැසි ආදර කතාව පටන් ගනීවි කියලත් ප්‍රේක්ෂකයන් කියනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ටෙලි නාට්‍යවල රඟපාද්දී නළු නිළියන් ගැන ඒ වගේ කතා පැතිරෙන එක සාමාන්‍ය දෙයක් කියලයි ඔහු කියන්නේ. ඉතින් සචින්තනී සහ ඔහු ගැනත් මේ දවස්වල කතාවක් පැතිරෙනවා. ඉතින් ඒක ඒ තරම් ගණන් ගන්න දෙයක්වත් කලබල වෙන්න දෙයක්වත් නෙමෙයි කියලත් ඔහු කියනවා. ඒ වගේම ඒක බොහොම සාමාන්‍ය සිදුවීමක් විතරයි කියලයි යශ් නම් කියන්නේ.

ඒ වගේම ඔහු අභියෝග භාර ගන්න පුදුම විදිහට කැමැති කෙනෙක් කියලත් ඔහු කියනවා. ඉතින් රංගනය ඇතුළේ පෙම්වතාගේ චරිතයම ලැබිය යුතුයි කියලා ඔහු හිතන්නේ නැහැලු. ඒ නිසා හිඟන්නෙක් වුණත්, ප්‍රේමවන්තයෙක් වුණත්, තාත්තා කෙනෙක් වුණත්, ආච්චි කෙනෙක් වුණත් ඒ චරිතය ඔහුට කරන්න පුළුවන් නම් ඒ චරිතය හොඳයි නම් ඒ අභියෝගය අනිවාර්යෙන්ම භාර ගන්නවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.