මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 8 වෙනවා, මගේ එකම හීනය ඔස්කාර් සම්මානයක් ගන්න එක-යෂ් වීරසිංහ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මද්‍යයේ විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ දෙවැනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි යෂ් වීරසිංහ කියලා කියන්නේ. ඒ වගේම ඔහු දක්ෂ හඬ කැවීම් ශිල්පියෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දිනවල වැඩකටයුතු නිසා තරමක් කාර්යබහුලයි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඒ වැඩකටයුතු කරගෙන සාමාන්‍ය පරිදි ජීවිතය ගෙවනවා කියලත් ඔහු කියනවා. ඒත් එක්කම ඔහු දැන් කළා ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර අටක් පමණ වෙනවා කියලයි යෂ් කියන්නේ. ඉතින් මේ වසර අට තුළ ඔහුට වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයෙන් කියලත් ඔහු කියනවා. ඒ වගේම දෙවැනිගේ චරිතයට ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර විතරයිලු. ඒ නිසාම ඔහු මෙතෙක් පැමිණි ගමන පිළිබඳව සහ මේ නිර්මාණය ගැන ඔහුට නිහතමානී සතුටක් තිබෙනවා කියලයි යෂ් නම් කියන්නේ.

කොහොම නමුත් ඔහු මේ වනවිට සිනමා නිර්මාණ දෙකකට පමණයි රංගනයෙන් දායක වෙලා තිබෙන්නේ. ඉතින් ඔහුගේ පළමු සිනමා නිර්මාණය තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලය. ඊට අමතරව සරත් වීරසේකර සර්ගෙ ශ්‍රී සිද්ධා කියන චිත්‍රපටය එන්න නියමිතයි කියලත් ඔහු කියනවා. ඒ හැරුණුකොට චිත්‍රපටවලට ආරාධනා කිහිපයක් ලැබුණා කියලයි ඔහු කියන්නේ. නමුත් ඒ සිනමා නිර්මාණවල වැඩකටයුතු හරියට කෙරුණේ නැති නිසා හොඳ නිර්මාණයකින් ඉදිරියේදී ප්‍රේක්ෂකයෝ අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහු තාම තනිකඩයි කියලත් යෂ් කියනවා. ඉතින් කලින් ප්‍රේම සම්බන්ධයක් තිබුනත් දැන් ඒක නැහැ කියලයි ඔහු කියන්නේ. ඒත් එක්කම ඔහු හැමදාම කියන දෙයක් තමයි ඔහුගේ අරමුණ ඔස්කාර් සම්මානයක් ගන්න එක කියලා. නමුත් ඔහුට ඔස්කාර් සම්මානයක් ජීවිතේට ගන්න බැරි වුනත් ඒ ටාගට් එක ඔළුවේ තියාගෙන වැඩ කරන නිසා ඔහු ඔහුගේ සියලු වැඩකටයුතු හොඳින් කරාවි කියලා හිතාගෙන ඉන්නවා කියලත් යෂ් කියනවා. ඒ වගේම සාමාන්‍ය ජීවිතේදී නම් කාටවත් බරක් නොවී පාඩුවේ ජීවත්වෙන එක එකම බලාපොරොත්තුව කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.