Watapita

Just another WordPress site

මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු 4දි පුංචි පැංචි හරහා, මම අවුරුදු එනකම් බලාගෙන ඉන්නේ කොකිස් කන්න-යොහානි හෙට්ටිආරච්චි

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන සිහින ගෙනෙන කුමාරි ටෙලිනාට්‍යයේ සකුනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි යොහානි හෙට්ටිආරච්චි කියලා කියන්නේ. ඉතින් 2023 මේ වසරේ සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිගන්නට ලහි ලහියේ සූදානම්වන මොහොතක ඇයගේ සුදානම වගේම අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ ගම මාතර නිසා අවුරුද්ද ලබපු ගමන් ගමේ යන්න ආසාවෙන් ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම අවුරුද්දට එක එක කෑම ජාති හදන්නත් ඇය හරිම ආසයිලු. ඉතින් ඇය වැඩිපුරම කන්න ආස කොකිස් කියලත් යොහානි කියනවා. ඒ නිසාම අවුරුද්දට කැවිලි ජාති ඔක්කොම වගේ අම්මා ගෙදර හැදුවත් කොකිස් හදන්නේ ඇයලු. ඉතින් ඇය ලඟදි අලුත් නිර්මාණ භාර ගත්තේ නැත්තේ ඇයගේ උපාධියේ කටයුතු ආරම්භ කළ නිසා කියලයි ඇය කියන්නේ. මොකද උපාධියේ නිසා කලා කටයුතු එක්ක හුඟක් කාර්ය බහුල වෙන්න අමාරුයි කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය කලාවට එන්නේ අවුරුදුු 4 දි පුංචි පැංචි වැඩසටහන හරහා. ඉතින් ඇය හඳුනන අයියා කෙනෙක් ඇයව වෙඩින් එකකදි දැකලා තමයි පුංචි පැංචි එකේ මහේෂ් මහතාට ඇයව හදුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ වෙළෙඳ දැන්වීම්වලට දායක වෙන්න ඇයට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දැනට ඇය වෙළෙඳ දැන්වීම් 60 කට විතර දායකවෙලා තියෙනවා කියලයි යොහානි කියන්නේ. ඒත් එක්කම ටෙලි නාට්‍ය 14කට විතර දායක රංගනයෙන් වෙලා තියෙනවා වගේම චිත්‍රපටි 12 ක් විතර කරලා තියෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් දැන් ඇය පෞද්ගලික විශ්ව විද්‍යාලයක තාක්ෂණවේදය පිළිබඳව පළමු වසර ශිෂ්‍යාවක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *