මට මගේ පළමු පෙම්වතා එක්ක කොහෙවත් යන්න දුන්නේ නෑ අපේ ගෙදරින්, ඉතින් අපි අතින් ඇල්ලුවෙත් හොරෙන්-යුරේනි නොෂිකා
සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක්, හඩකැවීම් ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ. ඉතින් මේ දිනවලත් නිර්මාණ රැසක් හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් මේ අවුරුද්ද ඉතාම කාර්යබහුලයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය සම්බන්ධ වුනු නිර්මාණ අතර ගජමෑන්, යාළුවෝද යාළුයිද වැනි නිර්මාණ මේ දිනවල තිරගත වෙනවා. ඒ වගේම හිරු නාලිකාවේ විකාශය වෙන happy hour වැඩසටහන වෙනුවෙනුත් ඇයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලත් යුරේනි කියනවා. ඉතින් කරන හැම වැඩේම සාර්ථක වෙනවා දකිද්දි නිහතමානි සතුටක් දැනෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය ළඟදිලු දැන ගත්තේ මාකටින් පැත්ත ගැන ඉගැන්වීම් කරන සමහර අධ්‍යාපන ආයතනවල ගුරුවරු ඇයව බ්‍රෑන්ඩ් එකක් විදිහට ළමයින්ට උගන්වනවා කියලා. ඉතින් ඒක ලොකු සතුටක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දැන් 15ක් වෙනවා. ඉතින් මේ කාලය ඇතුළත ගොඩක් අය ක්ෂේත්‍රයට ඇවිත් ගිහින් තියෙනවා වුනත් ඇය මේ අවුරුදු 15 පුරාම ස්ථාවරව ඉඳලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම බ්‍රෑන්ඩ් එකක් මිනිස්සුන්ගේ හිත්වල හැමදාම තියෙන නිසා ක්ෂේත්‍රයෙන් හෙට අයින් වුණත් යුරේනි නොෂිකා කිව්වම ඇයව මතක් වෙන චරිතයක් වෙලා ඉවරයි කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ තරුණ කාලේ හිරවෙලා ජීවත් වුණා කියලයි ඇය කියන්නේ. මොකද ඇය ක්ෂේත්‍රයට එන කාලේ කොටට අඳින එක මාර වැරැද්දක් වගේ දැක්ක නිසා. ඉතින් ඇයට මතකයිලු ඇයගේ පළමු පෙම්වතා එක්ක ඇයට එළියට යන්න ලැබුණේ නෑ කියලත්. ඉතින් ආච්චියි ඇයයි ජීවත් වුණ ගෙදරට ඇවිත් තමයිලු ඔහුට ඇයව හම්බෙන්න වුණේ. ඒ වගේම ඉස්සර ඔවුන් අත් අල්ලගන්නෙත් හොරෙන් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් අද ඒ තත්ත්වයන් ගොඩක් වෙනස් වෙලා කියලත් යුරේනි කියනවා. මොකද අද තරුණ ළමයි ගොඩක් නිදහස භුක්ති විඳින නිසා. ඉතින් නිදහස විඳිද්දි හරි විදිහට නිදහස භුක්ති විඳින්න දැනගන්න ඕන කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට හිතෙන දෙයක් තමයිලු අපේ ජීවිතේ ඇයි ඒ කාලය අනුන්ට ඕන විදිහට ජීවත් වෙන්නේ කියන එක.

ඒ වගේම ඇය බදින්නන්වාලේ බඳින කෙනෙක් නෙමෙයි කියලයි යුරේනි කියන්නේ. ඉතින් ඇයට කාවහරි හිතට දැනෙන්න ඕනේ වගේම ඇයගේ නිදහස සීමා කරන කෙනෙක්ව නම් ජීවිතේට බඳින්නේ නෑ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයත් එක්ක නිදහසේ ජොලියේ ඉන්න කෙනෙක් එක්ක තමයිලු ජීවිතය ගෙවන්න කැමැති. ඒ වගේම ඇය හැමදාම සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් කියලයි යුරේනි අවසාන වශයෙන් පවසලා තිබුනේ.