Watapita

Just another WordPress site

අයදුම්පතක්වත් නොදා කෝල් එකක් දාලා ඩ්‍රීම්ස්ටාර් ගිය මට හැමදේම ලැබුනේ වාසනාවට වගේ-මහේෂා සඳමාලි

දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් සෙවන් තරඟාවලියේ අනුශූරතාව දිනාගනිමින් ගායිකාවක් ලෙසින් කාගේත් ආදරය දින්ගත්ත දක්ෂ සුරූපී ගායන ශිල්පිනියක් තමයි මහේෂා සඳමාලි කියලා කියන්නේ. ඒ වගේම ඇය මේ දිනවල දෙරණ ලිට්ල් ටයිටන්ස් තරඟාවලියේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් විදිහත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒත් එක්කම ඇයගේ අලුත්ම ගීතය වන ‘මේ වාගේ ළංවීලා’ ගීතයත් බොහෝ දෙනෙක් ආදරයෙන් වැලඳගෙන තියෙනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ අලුත්ම ගීතය වන ‘මේ වාගේ ළංවීලා’ කියන ගීතය ඇයත් ඇයගේ මල්ලිත් තමයි ගායනා කරන්නෙ. ඉතින් මේ ගීතයේ මෙලඩි එක, රැප් එක ලියන්නෙ සහ රැප් එක ගායනා කරන්නෙත් ඇයගේ මල්ලි ක්‍රිශාන් කරුණාරත්න කියලයි මහේෂා කියන්නේ. ඒ වගේම මේ වෙද්දී ඇය ගායනා කරපු නිර්මාණ බොහෝමයක් තියෙනවා කියලත් ඇය කියනවා. ඒ අතර දෙරණ නාලිකාවේ දෙවැනි ඉනිම වගේ නාට්‍ය වල පසුබිම් ගායිකාවක් විදියට ගායනා කරපු ගීතත් බොහොමයක් තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ලලිත් රත්නායක මහතාගේ විෂම භාග චිත්‍රපටයේ ගීතයක් ගායනා කළා කියලත් ඇය කියනවා. ඉතින් ඒ ගායනය වෙනුවෙන් ඇයට 2020 හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සිග්නීස් සම්මානය පවා හිමිවෙලා තියෙනවා.

කොහොම නමුත් කිසිම දවසක රියැලිටි එකකට එනවා කියලා ඇයගේ හිතේ අදහසක් තිබුණේ නැහැ කියලයි මහේෂා නම් කියන්නේ. ඉතින් ඇය විශ්වාස කරන්නෙ ඇයගේ වාසනාව හෝ වෙන දෙයක් මූලික වෙලා මේ දේ වුණා කියලාලු. ඒ වගේම ඇයට ඕනෙ වුණේ කථිකාචාර්යවරියක් වෙන්නලු. කොහොම නමුත් ඇය විශ්ව විද්‍යාලයෙ ඉන්න කාලේ තමයි ඩ්‍රීම්ස් ස්ටාර් සීසන් සෙවන් එකට ඇවිත් තියෙන්නේ. ඉතින් අයදුම්පතක් නොදා, දුරකතන ඇමතුමක් දීලා එදාට එන්නද කියලා අහලා ගියේ ඒ ගිය ගමන අවසන් මහා තරගය දක්වාම ගිහින් ඉවර වුණේ කියලයි ඇය කියන්නේ. ඉතින් තරගේ මැදදි ඇයට ලොකු වුවමනාවක් ආවාලු අවසන් තරගයට යන්න.

ඒත් එක්කම ඇයගේ සිහිනය සැබෑ වෙලා විශ්වවිද්‍යාලයෙ කථිකාචාර්යවරියක් හැටියට උගන්වන්න ලැබුණා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ගායිකාවක් වෙන්න ඇයට හීනයක් තිබුණේ නැතත් ගායිකාවක් වීම ගැන සතුටුයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ සැමියා නාවික නිලධාරියෙක් නිසා බොහෝ වෙලාවට විදේශගතවලු ඉන්නෙ. නමුත් එයා කොහෙ හිටියත් ඇයගේ වැඩවලට දෙන සහයෝගය ගැන කියන්න වචන නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම කලාව කරන්න අවශ්‍ය කරන මානසික නිදහස එයා උපරිමයෙන් දීලා තියෙන නිසා ඒ සහයෝගයත් එක්ක සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙලා තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *